(නිමල කොඩිතුවක්කු)
අගමැතිධුරය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා තේරීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික විද්වත් සංසදයේ ආචාර්ය මහාචාර්යවරු කොළඹදී අද(28) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළහ.
ව්‍යවස්තාවට පටහැනි ආකාරයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රට සෑම අංශයකින්ම අස්ථාවර වීම මින් සිදුවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
කොළඹ නිපෝන් හෝටලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ කාළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමියෝ මෙසේ පැවසූහ.
‘‘ 2015 ජනවාරි 08 වනදා අපි ජනාධිපතිවරයාට වරමක් ලබාදුන්නා. ඒ ජනවරම මගින් අපි මේ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නැහැ.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉවත්කරන ක‍්‍රමවේදය පැහැදිළිව පෙන්වා දෙනවා. ඒ ගැන අවධානය යොමුකරලා රට ගැනත් හිතලා තීරණයක් ගත යුතුයි.
2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. අගමැතිවරයා විදියට පත්වෙන්න බලයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් කෙනාටයි. ව්‍යවස්ථාවේත් එය සදහන්ව තිබියදී රට අස්ථාවර කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.
මාස කිහිපයකට පෙරත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. ඒ වෙලාවේත් විශ්වාසභංගය ගෙනාවේ වඩාත් උත්තරීතර පාර්ලිමේන්තුවේ මතව විමසිම සදහායි. එතනදීත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ජයගත්තා.
අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන්, කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. පාර්ලිමේන්තුව කැඳවලා වැඩිම බලයක් තියෙන කෙනාට අගමැතිධුරය ලබා දිය යුතුයි’’ යනුවෙන්ද උන්වහන්සේ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්වතුන්ට ඕවා තේරුණාට ආප්ප කාලා පිල් මාරු කරන මිනිස්සුන්ට ඕවා තේරේවිද?
මෙවැනි ඉල්ලීම් කල යුතුවන්නේ යමක යථාර්තයක් දකින අයගෙනි. බලයට කෑදරව ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන අයගෙන් මෙවන් ඉල්ලීම් කිරීම....."බීරි අලියන්ට වීණා ගැයිමක්" වගෙයි කියා අපේ පැරැන්නන් කීවේ කට කහනවට නොවෙයි!!!
අපිත් එකඟයි.
එජාපෙ කොහෙද විද්වත්තු? විද්වත්තු හිටියානම් එජාපෙට මෙහෙම කෙලවෙයිද? විකාර!
සිදු වූ දේ සිද්ද වී හමාරය. දැන් ඉදිරියට සිද්දවීමට යන හානිය අවමකරගැනීමට උත්සාහ කරන්න.. අනික බුද්ධිමත් ජනතාව හැටියට, ඔය පොලිස් ඔත්තුකරුවෙක් වන නාමල් කුමාර නැමැත්තා කරන ප්‍රකාශයන් හමුවේ .. ජනාධිපති කලබල වූවා මිස, මෙහි යථාර්තය තේරුම් ගත්තේ නැත. කරුණු කාරණා වැටහෙනවිට සියල්ල සිදුවී හමාරය... නාමල් කුමාර නැමැත්තා, ඔත්තු කරුවෙකි. ඔහුගේ ප්‍රකාශයන් හමුවේ රනිල් වික‍්‍රමසිංහ ඒ පිටුපසය කියන එක, මා සිතන විදියට බුද්ධිමත් ජනතාව පිළිගන්නේ නැත. වගකිවයුතු ජනාධිපති කෙනෙක් හැටියට මෙතරම් පහත් තීරණවලට, එලඹීම සුබ දසුනක් නෙවෙයි. මීට වඩිය පුළුල්ව සහ වක්‍රව මෙතුමාට මෙම තීරණ ගැනීමේ හැකියාව තිබුණා. හැබැයි මෙහි විපාකය මොහුට තේරෙන්නේ දැන් නොවෙයි. එසේ කියා ඒ හරහා කියවෙන්නේ, රනිල් වික‍්‍රමසිංහ අගමැති කමෙන් අයින් කළ එක නොවෙයි.. හිටපු අගමැතිගේ ක්‍රියාකලාපයට පාර්ලිමේන්තු මැති ඇමතිගොල්ලන් කැමතිවූවාට ජනතාව කැමති නැත. හේතුව ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමත්, අසීමිත අයුරින් බදුපනවා ජනතාව පීඩාවට පත්කිරීමයි. එතැනදී මැති ඇමතිගොල්ල ඔහුට පක්ෂ වූයේ, මුදල් හරහා ඒකාධිපතිත්වය තහවුරු කරගැනීම තුළින්ය.