
(ඉන්දිකා රාමනායක)
ජපන් මිත්‍රව පාළම දෙසින් වු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාව සිදුවන අතරතුර ඊයේ (5) යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් පැමිණීමත් සමග එල්ල වූ මහජන විරෝධය මැද පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දී ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
යතුරු පැදි 4 කින් සමන්විත යුද හමුදා කණ්ඩායමක් ඊයේ (06) පෙරවරුවේ පාර්ලමේන්තුව අසල පැවැති උද්ඝෝෂණයේදී ජනතාව අතරින් ගමන් කිරීමට යාමේ දී ජනතාවගෙන් ඔවුනට විරෝධය එල්ල කළේය.
එම විරෝධය මැද පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නැවතත් එම ස්ථානයට පැමිණී අතර ඒ සමග ජනතා විරෝධය යළි එල්ල විය.. විරෝධතාවේ නිරතව සිටි පිරිසක් එක් යතුරු පැදියක් වටකර ගෙන උණුසුම් තත්ත්වයක් හටගැනීමෙන් පොලිස් නිලධාරීන්ට එම ස්ථානයට පැමිණියහ.
පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ නිරත ජනතාව කුපිත නොකරන ලෙසටත්, පෙරවරුවේ සිට පොලිසිය මහත් කැපවීමෙන්, එම ස්ථානයේ සිටින ජනතාව පාලනය කරගෙන සිටින බවත්, එවන් අවස්ථාවක මේ ආකාරයෙන් පැමිණ සෙල්ලම් නොකරන්නැයි ද පොලිස් නිලධාරීන් එම පිරිසට අවවාද කළේය.
එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු යුද හමුදා යතුරු පැදිකරුවෙක් වෙත පරුෂ චචනයෙන් බැන වැදී අයුරුත්, තවත් සහකාර පොලිස් අධිකාරිවරයකු එක් යතුරු පැදිකරුවෙක්ට මුහුණට පහරක් එල්ල කරන අයුරුත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ගේ කළ විමසුකදී ඒ මහතා පැවසුවේ යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයා විසින් ද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට ට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇති බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වෙලාවක ඔය කළු ඇඳගත් යුද හමුදා යතුරුපැදි කරුවන් එම ස්ථානයට එව්වේ කුමන හේතුවකටද? ජනතාව බියවීම ඉතාමත් සාධාරණයි.
මේ සිද්ධියේදී ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන අනිවාර්ය පරීක්ෂණයක් පැවැත්විය යුතුමයි..
කවුරු නමුත් ඒ වගේ අවස්ථාවක මෙහෙම හමුදාවෙන් එවපු එක නම් මෝඩකමක්...!
රණවිරුවන්ගේ විනයගරුකත්වය ආදර්ශමත් .
පොලිසිය ඇතැම් අවස්ථාවලදී නොගැලපෙන ලෙස කටයුතු කළත් මෙම ස්ථානයේදී කටයුතු කළ ආකාරය වැරැදි නැති බව මගේ පුද්ගලික මතයයි. මොකද උද්ඝෝෂණයේදී පිරිස පාලනය කරගෙන සිටීම ලොකු දෙයක් නිසා...!
මේ හමුදා යතුරුපැදි කරුවෝ ඇවිත් තියෙන්නේ විරෝධතාව විසිරුවන්න නෙවෙයිනේ. යන්න වෙන පාරකුත් නැත්නම්, විරෝධතාව සාමකාමී නම් මොකක්ද එතනින් යන්න තියෙන බාධාව? මෙතන වෙලා තියෙන්නේ පොලිසිය මහජනතාවගේ පැත්ත අරගෙන තමන් වගේම රාජකාරියක් කරන නිලධාරියෙකුට අපහාස වෙන අයුරින් වැඩ කිරීම. මේ පොලිස්, හමුදා නිල ඇඳුම ඇඳන් රාජකාරියේ නිරත අයකුට මෙහෙම සැලකුවා නම් සාමාන්‍ය සිවිල් වැසියෙකුට කොහොම බැට දෙයිද? කොහොම වුණත් හමුදාව ආයුධ පාවිච්චි නොකරපු එක වටිනවා. මේ වගේ වැඩ නිසා වෙන්නේ විරෝධතාකරුවන් සමග හමුදාව විරසකයක් ඇතිවීම පමණයි.
යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින්, නොම්මර තහඩු හෝ යුද හමුදා ලෙස සටහනක් වත් නොමැතිව පැමිනෙන විට එය උද්ඝෝෂකයින් ගැටුමකට පෙලෙබවීමට දැරූ උත්සාහයක් විය හැකිය. මිරිහාන බස්රථය ගිනි තැබීම ද මෙවැනිම ක්රියාවක් විය හැක. පොලීසිය මෙහිදී ක්‍රියා කල ආකාරය 99% ක් නිවැරදිය. ඔවුන් කල එකම වරද අසභ්‍ය ලෙස බැන වැදීම හෝ පහරක් එල්ල කලානම් එය පමනි. හමුදාව රතුපස්වල දී කලා මෙන් අපරාදයක් පොලීසිය මෙහිදී සිදු කර නොමැති අතර, පොලීසිය මැදිහත් නොවුනේ නම්, එවැනි කනගාටුදායක තත්ත්වයක් වුවද ඇති වීමටද ඉඩ තිබිනි.
පොලීසිය සිදුකලේ ඔවුන්ගේ රාජකාරිය.අංක තහඩු නොමැති මුහුණු වසාගත් ලියාපදිංචි නොකළ යතුරුපැදි වල නැගුණු ආයුධ සන්නදධව පැමිණි අයව පරීක්ෂා කිරීම වරදක්ද ? පරීක්ෂණය කළ යුත්තේ පොලීසිය හොඳින් පාලනය කළ සාමකාමී උද්ඝෝෂණයකට මේ හමුදා භටයන් එවූ අය සම්බන්ධවයි.පොලීසිය නොසිටින්නට එසේ පැමිණි අයට උද්ඝෝෂකයන් පහර දෙනවා.සිදුවීමට ගිය භිහිසුණු තත්වය වැළකූ පොලීසියට උසස්වීම් දිය යුතුයි.
අංක තහඩු නොමැතිව පාස්කු බෝම්බය පුපුරවන්න වාගේ ජනතාව මරා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න නන්නාදුනන අය ආවද කියල පොලිස් නිලධාරීන් පරික්ෂා කලේ. මේ දවස්වල හමුදා සහ පොලිස් ඇදුමින් ගෙවල්වලටත් හොරු පනින එකේ මේ පොලිස් නිළධාරීන් විචක්ෂණ ලෙස කටයුතු කිරීම වරදක්නම් මේ රට නූගත් චන්ඩීන් සහිත කොලොම්බියාවක්වීම වැලැක්විය නොහැකියි. මොකද නීතිය වරදක්ලූ. ඒක තමා මෙය ගොබ්බලන්තය වූවේ.
නොම්මර තහඩු නැතිව මෙම වෙලාවෙ අන්තවාදී තස්ත්‍රවාදින් ආවනම් සමූල ඝාතනයක් කරන්න යුද්ධ හමුදා නිල ඇදුම් ඇදගෙන? පොලිසිය වගකියන්න ඕනෙ නොම්මර තහඩු නැති යතුරුපැදි ඇතුලට එවුවට. පොලිස් නිලධාරින් නිවැරදියි. එහෙම නැතිනම් හමුදාවට වගකීමක් තිබුනා එතැන සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කරන්න එයාල එන්න පෙර.