(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කළ කොවිඩ් පරීක්ෂණවලදී පාර්ලිමේන්තු සේවකයන් 12දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇති බව ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (17) දිනයේදී කළ පරීක්ෂණවලින් මෙම රෝගීන් හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය හොඳටම කළේ යැයි සමහරුන් උද්ධච්ඡ කතා කීවත් කොවිඩ් පාලනයෙන් මේ රට අසමත්වී හුඟක් කල් යැයි පැවසූ හේරත් මහතා වත්මන් රජයට රට ගොඩනැගීමට කිසිදු දැක්මක් නැතැයිද චෝදනා කළේය.
නායකයන් මේ පණ්ඩිතකම් බිමින් තැබිය යුතු බවද ඔහු කීවේය.
අද රටේම තත්වය භයානක බවත් ඩෙල්ටා නව ප්‍රභේදද බිහිවී තිබෙන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය.
අද රටම එකම මළගෙයක් බවට පත්ව ඇතැයි පැවසූ හෙතෙම කොරෝනා පාලනයට රජයට නිශ්චිත වැඩපිළිවෙළක් නැතැයිද ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් කියන කිසිම දෙයක් රජය ගණන් නොගන්නා බවත් අවුරුදු කාලයේ රට ලොක්ඩවුන් නොකළ නිසා අවුරුදු පොකුර ඇතිවූ බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
අවුරුදු සමයේදී නුවරඑළියේ සැණකෙලි පැවැත්වූ බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීලා නැද්ද?
මේ පාර්ලිමේන්තු සේවකයෝ මහා දේශද්‍රෝහියෝ...!!! මේ අයට යන්තම් හරි ලංකාවට ආදරයක් තිබ්බා නම් අර පට්ටියේ 225 දෙනාටම බෝකරන්න තිබ්බා ඔක්කෝටම ඉස්සෙල්ලා!!!
සභා ගර්භයට ගිහින් කිවිසුම් ඇරපල්ලා රෝත්තටම බෝ වෙලා යන්න
පවු ඒ අහිංසක සේවකයො ටික. 225ටම හැදුනනම් හිත හදාගන්න තිබුණා. මෙයාල කයිවාරු ගහනවා. ආණ්ඩවට සේරම බාර දීල අත හෝද ගන්නේ නැතිව මෙයාලට බැරිද මහජනතාව වෙනුවෙන් අඩු ගානේ රෝහල් පහසුකම් ටික හදල දෙන්නවත් උදවු කරන්න. ලක්ෂ ගණන් මාසෙකට හොයනව නේද?