(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට(6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තු සේවකයන් සහ පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහාද එම පරීක්ෂණවලට යොමුවිය හැකි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් කැමතිනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට යොමු විය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එවැනි පරීක්ෂණ වටයක් ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්හ. මෙම පරීක්ෂණ වටය සඳහා කටයුතු සූදානම් කරනු ලැබ ඇත්තේ ඉන් අනතුරුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සේවකයෝ 50කට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී කොවිඩ් වයිරසයට ගොදුරු වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.