(සුජිත් හේවාජුලිගේ )

තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී  අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අවලස්සන ඇමරිකානුවාගේ ක්‍රියාකලාපය නිසා රට අද විනාශයට පත්වෙමින් තිබෙන බවත්  ජනාධිපතිවරයා අවලස්සන ඇමරිකානුවාගේ  බලයට යට වී කටයුතු කිරීම නිසා අද රටේ සියලු ප්‍රශ්න නිර්මාණය වී ඇති බවත්  වීරවංශ මහතා කීවේය.