
( රොමේෂ් මධුෂංඛ )
වව්නියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 118 දෙනෙකු අද (29) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් ධම්මික ජයසිංහ මහතාගේ මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර අද දින නිරෝධායනය වී නිවෙස් වෙතට රැගෙන යාම සිදු විය.
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ජෝර්දානයේ සිට පැමිණි 118 දෙනෙකු මෙසේ නිරෝධායනය අවසන් වී කොළඹ, අනුරාධපුර, හලාවත වැනි ප්‍රදේශයන්හි පදිංචි පිරිසක් නිවෙස් වෙතට ගිය අතර නිරෝධායනය අවසන් වී ගිය පිරිස් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ථ යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතර විදෙස්ගතව සිටින සියලුම දෙනා පැමිණ වහාම නිරෝධායනව වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද වැඩි දුරටත් ඉල්ලා සිටියහ.




2025 ඔක්තෝබර් මස 08
1971
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 118 ක් නිවෙස් කරා යති