
(මනෝප්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
අභියාචනාධිකරණය තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 13 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විශේෂ අභියාවත පෙත්සම සලකා බැලිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූශිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ කරපුවා. රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබූනේ.. මිනීමරුවන්ට දූෂිත දේශපාලුවන්ට දඬුවම් ලැබිය යුතුමයි. නීතීය කාටත් පොදුයි...
නවාස් නඩුව ඇහුවොතින් තීන්දුව හිතාගන්න පුළුවන්...
රනිල් මහින්දලා කාලේ කරපු වැරදි දේවල් ආපසු නිවැරදි කිරිම හොඳ දෙයක්