
(චන්ද්‍රසේන ගමගේ පද්මසිරි ගාර්දියවසම්)
පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .
පිරමීඩ ජාවාරම හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව පොලිසිය කියයි .
ගිණි තැබීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ .
රන්න,රන්න නැගෙනහිර ,වීරෝදාර මාවතේ ඔහු පොලිසියට මෙම සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ .
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාවාරමේ නමත් හෙළිකරන්න. වාහන නෙවෙයි මුන්වයි ගිනිබත් කරන්න ඕනෑ.
ඒ වෙලාවේ මෑන් ඇතුලේ ඉඳලා නැද්ද? අපරාදේ ඉන්නනේ තිබුණේ...
උසාවි ගිහින් අවුරුදු ගණන් බලන් ඉන්න ඕනෑ නැහැ. අපිම ප්‍රශ්නෙ ක්ෂණිකව විසඳා ගන්නවා.
කවුද මේ හැම එකටම ඩිස්ලයික් දාන්නේ...?