
මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති.
Y වර්ණදේහය නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනුන් වනු ඇත.
Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන්ය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, පසුගිය වසර ගණනාව තිස්සේ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය.
ඒ වසර මිලියනයකට ජාන 10 ක අහිමි වීමේ අනුපාතයකිනි.
ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුසල කර්මවල ප්‍රතිඵලත් එක් හේතුවක් ගැහැණු ආත්මභාව වලට...!
දැනටමත් ගැහැණු ජනගහනය වැඩියි කියලා පේනවා... ඉක්මණින් විසඳුමක් සෙව්වේ නැත්නම් මිනිස් වර්ගයේ අවසානය වෙන්න පුළුවන්... කොහොම වුණත් සමහරක් දේශපාලුවන් වෙනුවෙන් මේ දිනවල කටයුතු කරන මිනිස් රුවෙන් පෙනීසිටින ලංකාවේ ඉන්නේ මිනිස්සු නම් තිරිසන් සතුන්ට දෙවැනි නැහැ..
ඒ කියන්නේ තව වසර මිලියන 4.1 කින් අපට වැඩබලන ජනාධිපති කෙනෙක් හොයාගන්න බැරි වෙනවා? මල කෙලියක්නේ වෙන්න යන්නේ?
වසර මිලියන 166ට කලින් හෝමෝ සේපියන් සේපියන් මානවයා හිටියාද?
අහන්න දෙයක්යෑ දැන් ඉන්න පිරිමි ඔක්කෝම ගෑනු ඇඳුම්. ඇඳන් දඟලනකොට ක්ෂය වෙලා යනවා ඇති...
තව වසර මිලියන 4.5කින් අපට මුකුත් නැතුව තමයි ඉන්න වෙන්නේ...
එතකොට කොහොමද ඉතුරුවෙලා ඉන්න ටික දෙනා ගැන වටිනාකම .ශා නියමයි
මුකුත්ම කරන්න ඕනා නැහැ ඒක ස්වභාවධර්මයේ තීරණය නම් ඒක පිලිගනිමු, සමහර විට වයි වර්ණදේහ ට වැඩිය හොද වර්ණදේහයක් ඊළග අවුරුදු මිලියන 4.5 ඇතුලත ස්වභාවධර්මය අපිට ලබා දේවි.