ලංකාවේ පිරිමි පාර්ශ්වය අතර සුලබම පිළිකා වර්ගය වනුයේ මුඛ පිළිකායි. සෑම දිනකම ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව නිසා මියැදේ. සෑම දිනකම හය දෙනෙකු මුඛ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර වඩාත් කනගාටුවට කරුණ වන්නේ ඒ අතරින් 70% ක් පමණ දෙනා රෝහලට පැමිණෙන විටත් පිළිකාව තුන්වන හෝ හතරවන මට්ටමට වර්ධනය වූ සුව කිරීමට අපහසු අවසාන අවස්ථාවල පසුවීමයි.
හඳුනා ගැනීම කල් ගියොත්
අවසාන අවස්ථාවල දී ප්‍රතිකාර කළද මුහුණේ විකෘතිතා ඇති වේ, ආහාර ගැනීමේදී සහ කතා කිරීමේදී ඇති වන අපහසුතා ජීවිත කාලය පුරාවටම අත් විඳීමට හේතු වේ. ඒ වගේම තම රැකියාව පවා කර ගෙන යාමේ දුෂ්කරතා ඇති කරවයි.
හේතූ
මුඛ පිළිකාවට ප්‍රධාන හේතූන් වනුයේ දිගු කාලයක් පුරාවටම දුම්කොළ හෝ පුවක් සමඟ බුලත් විට සැපීම, දුම් බීම සහ මත්වතුර භාවිතයයි. සාම්ප්‍රදායික බුලත්විටට අමතරව විවිධ ආකාරයෙන් සැකසූ බාබුල් වැනි පුවක් සහ දුම්කොළ නිෂ්පාදනත් පිළිකාකාරක ලෙස ක්‍රියා කෙරේ.
මෙලෙස ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත අඳුරට ඇද දමන ඉහත කී භයානක පුරුදුවලින් නොපමාව අත්මිදීම මඟින් මුඛ පිළිකාවට ඇති අවදානම අඩු කර ගත හැකියි. ඔබට යම් මුඛ සෞඛ් ගැටලුවක් ඇත්නම්, කල් නොයවා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත්. මුඛ සෞඛ්‍ය ගැටලුවලින් තොරව පවත්වා ගැනීමත්, කුඩා කල සිටම හුරුවූ හොඳ පුරුදු තවත් කාලයක් යනතුරුම දිගටම පවත්වා ගැනීමේ වගකීමත් ඔබ සතුයි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරිනි)
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිරිමි අතර සුලබම මුඛ පිළිකා