(යොහාන් භාසුර)
කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යෑමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආරක්‍ෂක වාර්තා ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කීපයක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවත් එම නිලධාරියා කීය.
කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කර සංචාරක ව්‍යාපාර දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේසපාලකයන්ට පිස්සුද?
හමුදා මුලස්ථානයට උන දේමද වෙන්න යන්නේ?
දැන් බත්තරමුල්ල පැත්තේ තියෙන්නේ පුදුම ට්‍රැෆික් එකක්... ඔය ආයතන කොහෙට ගෙනාවත් එකයි.
මට නම් හිතෙන්නෙ හෙට අනිද්ද LRT පටන්ගත්තම වාහන තදබදය අතුරුදන්. රජය ගත් හොද පියවරක් බව කිවහැක.
ඔය හිස්වන ගොඩනැගිළි ටික කැම්පස් එකේ ළමයින්ට හොස්ටල්වලටවත් දුන්නා නම් හොඳ නැද්ද ?