(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අද (23) දිනයේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පවසයි.
පස්වරුවේ ප්‍රධාන දුම්රිය 5 ක් පමණ අවලංගු කිරීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූ බවත් මෙම තත්වය හේතුවෙන් සීග්‍රගාමී දුම්රිය කීපයක් මන්දගාමී දුම්රිය ලෙස ධාවනය කිරීමට ද බලධාරීන් කටයුතු කළ බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ කියති.
මෙම තත්වය පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ දුම්රිය මාරු කිරීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවත් හෙට පෙරවරුවේ සිට නියමිත පරිදි දුම්රිය ධාවනය කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd