(යොහාන් භාසුර)
පේරාදෙණිය රෝහලේදී එන්නතක් දීමෙන් පසුව 21 හැවිරිදි තරුණිය මියයෑමට හේතුව එම රෝහලේ මිලිලීටර් 10 සිලින්ජර නොමැතිවීමෙන් ඒ සඳහා මිලිලීටර 5 සිරින්ජර භාවිතා කිරීම බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා අද (13) පැවසීය.
ඇයට එන්නත් කළ ප්‍රතිජීවක ඖෂධය මිලිලීටර් 10 සිරින්ජයක දියකර එන්නත් කළ යුතු වුවද පේරාදේණිය රෝහලේ පමණක් නොව කොළඹ ජාතික රෝහලේ ද මිලිලීටර් 10 සිලින්ජර නොමැති බව කී මැදිවත්ත මහතා ඒ හේතුවෙන් ඇයට එන්න දුන් හෙද නිලධාරිනිය මිලිලීටර 5 සිලින්ජර දෙකක දිය දෙවරක් එන්නත් කර ඇති බව ද සඳහන් කළේය.
එම හෙද නිලධාරීනියට මිලිලීටර 5 සිරින්ජයක දියකර දුන්නේ නම් ඇතැම් විට අධි සාන්ද්‍රණයකින් ලැබීමට ඉඩ තිබූ බවත් අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ රෝහල්වලට ආණ්ඩුව නොදීම මෙයට හේතුව බවත් ඒ මහතා කීය.
අදාල තරුණියට එන්නත් කර ඇති ඖෂධය සමස්ත රටේම රෝහල්වල භාවිතා කරන ඖෂධයක් බව කී ඒ මහතා පැවසුවේ හෙද නිලධාරිනියගෙන් කිසිඳු වැරදීමක් වී නොමැති අතර එන්නත නියමිත ආකාරයට එය දී ඇති බවත්ය.
මෑතක සිට ඖෂධ ගන්නා සමාගම් මාරු කිරීම මෙන්ම ඒ සමාගම් පිළිබඳව නිසි විශ්වාසයක් නොමැති වීම නිසා කොමිස් හෝ වෙනයම් හේතුවක් උඩ බාල ඖෂධයක් ලබාගෙන ඇති බවට සැකයක් ඇති බවත් ඖෂධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් සහ ජනමාධ්‍ය අවස්ථා ගණනාවකදී දැනුවත් කිරීමට පියවර ගත්ත ද විශේෂයෙන් ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල කිසිඳු කාරණාවක් සම්පූර්ණ කිරීමට කටයුතු නොකළ බවත් ඒ මහතා පැවසීය.
හෙද කාර්ය මණ්ඩලය හැටියට ආණ්ඩුව දෙන ඖෂධ රෝගීන් දෙන්න සිදුව ඇති බව කී ඒ මහතා එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව කටයුතු කිරීමේ හැකියාවක් හෙද කාර්ය මණ්ඩලයට නොමැති බව වැඩි දුරටත් සඳහන් කළේය.
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා කොළඹදී අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කරුමයක් අපේ රටෙ සිදුවන දේවල්
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ....... වේවා !! ......පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
තොපි කාලකන්නි අසරණ දරුවකුගේ ජීවිතය විනාශ කළා.තොපිට හෘද සාක්ෂියක් නැද්ද?
බොරු ප්‍රකාශයක්
10 වසරෙ විද්‍යාව ඉගෙන ගත්ත මට නම් මේ කතාව අමු ගොන් පාර්ට්..
දඟගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපං මා.... මීට - සිරින්ජය
නැහැ... පර බල්ලෝ... මේ මරණය සිදු උනේ දොස් චොරාලගේ වරදින් ඒක කියන්න තොපේ කටවල් ඇරෙන්නේ නැද්ද? තොපි මේ බොරු රටපුරා වපුරලා කාවද මේ රවට්ටන්නේ..???තොපි දොස්තර මාෆියාවට ඔච්චරටම බයද...?
මේක නම් හෙදිය අතින් වුන වරදක් වගේ
මිලිලීටර් 10 සිරින්ජයක දියකර එන්නත් දුන්න නම් තවත් ඉක්මනින් මැරෙන්න තිබුන කියල හිතෙන්නේ නැද්ද? මොකද පලවෙනි එන්නත දෙන කොටම මේ ළමයට අමාරු උනා.
දැන් දොස්තරලා ඇතුලු සෞඛ්‍ය සේවකයින්ටත් හොඳයි. නොසැලකිල්ලෙන් සිද්දවෙන මරණත් ප්‍රමිතිය අඩු බෙහෙත් පිටින් දැම්ම හැකි...
වැරදිකාරීන් සැමට නිවන් සුව