IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පේරාදෙණි තරුණිය මියගියේ සිරින්ජර වරදින්ද?

(යොහාන් භාසුර)

පේරාදෙණිය රෝහලේදී එන්නතක් දීමෙන් පසුව 21 හැවිරිදි තරුණිය මියයෑමට හේතුව එම රෝහලේ මිලිලීටර් 10 සිලින්ජර නොමැතිවීමෙන් ඒ සඳහා මිලිලීටර 5 සිරින්ජර භාවිතා කිරීම බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා අද (13) පැවසීය.

ඇයට එන්නත් කළ ප්‍රතිජීවක ඖෂධය මිලිලීටර් 10 සිරින්ජයක දියකර එන්නත් කළ යුතු වුවද පේරාදේණිය රෝහලේ පමණක් නොව කොළඹ ජාතික රෝහලේ ද මිලිලීටර් 10 සිලින්ජර නොමැති බව කී මැදිවත්ත මහතා ඒ හේතුවෙන් ඇයට එන්න දුන් හෙද නිලධාරිනිය මිලිලීටර 5 සිලින්ජර දෙකක දිය දෙවරක් එන්නත් කර ඇති බව ද සඳහන් කළේය.

එම හෙද නිලධාරීනියට මිලිලීටර 5 සිරින්ජයක දියකර දුන්නේ නම් ඇතැම් විට අධි සාන්ද්‍රණයකින් ලැබීමට ඉඩ තිබූ බවත් අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ රෝහල්වලට ආණ්ඩුව නොදීම මෙයට හේතුව බවත් ඒ මහතා කීය.

අදාල තරුණියට එන්නත් කර ඇති ඖෂධය සමස්ත රටේම රෝහල්වල භාවිතා කරන ඖෂධයක් බව කී ඒ මහතා පැවසුවේ හෙද නිලධාරිනියගෙන් කිසිඳු වැරදීමක් වී නොමැති අතර එන්නත නියමිත ආකාරයට එය දී ඇති බවත්ය.

මෑතක සිට ඖෂධ ගන්නා සමාගම් මාරු කිරීම මෙන්ම ඒ සමාගම් පිළිබඳව නිසි විශ්වාසයක් නොමැති වීම නිසා කොමිස් හෝ වෙනයම් හේතුවක් උඩ බාල ඖෂධයක් ලබාගෙන ඇති බවට සැකයක් ඇති බවත් ඖෂධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් සහ ජනමාධ්‍ය අවස්ථා ගණනාවකදී දැනුවත් කිරීමට පියවර ගත්ත ද විශේෂයෙන් ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල කිසිඳු කාරණාවක් සම්පූර්ණ කිරීමට කටයුතු නොකළ බවත් ඒ මහතා පැවසීය.  

හෙද කාර්ය මණ්ඩලය හැටියට ආණ්ඩුව දෙන ඖෂධ රෝගීන් දෙන්න සිදුව ඇති බව කී ඒ මහතා එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව කටයුතු කිරීමේ හැකියාවක් හෙද කාර්ය මණ්ඩලයට නොමැති බව වැඩි දුරටත් සඳහන් කළේය.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා කොළඹදී අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. 



අදහස් (11)

පේරාදෙණි තරුණිය මියගියේ සිරින්ජර වරදින්ද?

ariyasena Thursday, 13 July 2023 04:12 PM

පුදුම කරුමයක් අපේ රටෙ සිදුවන දේවල්

:       0       25

namal Thursday, 13 July 2023 04:29 PM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ....... වේවා !! ......පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       14       52

sena Thursday, 13 July 2023 04:44 PM

තොපි කාලකන්නි අසරණ දරුවකුගේ ජීවිතය විනාශ කළා.තොපිට හෘද සාක්ෂියක් නැද්ද?

:       0       0

පුෂ්කර Thursday, 13 July 2023 05:39 PM

බොරු ප්‍රකාශයක්

:       0       0

ඉන්දික Thursday, 13 July 2023 05:45 PM

10 වසරෙ විද්‍යාව ඉගෙන ගත්ත මට නම් මේ කතාව අමු ගොන් පාර්ට්..

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 13 July 2023 05:54 PM

දඟගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපං මා.... මීට - සිරින්ජය

:       0       0

බද්රානි Thursday, 13 July 2023 08:00 PM

නැහැ... පර බල්ලෝ... මේ මරණය සිදු උනේ දොස් චොරාලගේ වරදින් ඒක කියන්න තොපේ කටවල් ඇරෙන්නේ නැද්ද? තොපි මේ බොරු රටපුරා වපුරලා කාවද මේ රවට්ටන්නේ..???තොපි දොස්තර මාෆියාවට ඔච්චරටම බයද...?

:       0       1

Rasika Thursday, 13 July 2023 08:26 PM

මේක නම් හෙදිය අතින් වුන වරදක් වගේ

:       0       0

ලුම්බිණි Friday, 14 July 2023 04:47 AM

මිලිලීටර් 10 සිරින්ජයක දියකර එන්නත් දුන්න නම් තවත් ඉක්මනින් මැරෙන්න තිබුන කියල හිතෙන්නේ නැද්ද? මොකද පලවෙනි එන්නත දෙන කොටම මේ ළමයට අමාරු උනා.

:       0       0

sameera Friday, 14 July 2023 08:23 AM

දැන් දොස්තරලා ඇතුලු සෞඛ්‍ය සේවකයින්ටත් හොඳයි. නොසැලකිල්ලෙන් සිද්දවෙන මරණත් ප්‍රමිතිය අඩු බෙහෙත් පිටින් දැම්ම හැකි...

:       0       1

lahiru Friday, 14 July 2023 10:01 AM

වැරදිකාරීන් සැමට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site