(මුදිතා දයානන්ද)
ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
රට ආර්ථිකමය වශයෙන් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මේ මොහොතේත් කැබිනට් එක රටට සිදුකරන වංචා-දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම වැදගත් යැයිද විදුලි බල ක්ෂේත්‍රයේ මේ මොහොතේත් බරපතළ මාෆියාවක් සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය.
බලශක්තිය රටකට අත්‍යවශ්‍ය බවද වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම වැදගත් බවද එහෙත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණයට යොමුවී ඇති බවද එය විසඳුමක් නොවන බවද ඔහු පැවසීය.
තරගකාරිත්වය පිළිබඳ සහතිකයක් දිය නොහැකි කිසිදු ක්ෂේත්‍රයක් පෞද්ගලීකරණය නොකළ යුතුයැයිද ඔහු පැවසීය.
විදුලි උත්පාදන පිරිවැය අඩුකර ගැනීම සඳහා තීන්දු තීරණ ගනිද්දී, වැඩි මිලට ඩීසල් මිලදී ගැනීම් අඩුකර ගත යුතු බවද එල්.එන්.ජී. බලාගාර සක්‍රීය කරගත යුතු බවද ඒ සඳහා එල්.එන්.ජී. ඉක්මනින් රටට ගෙන ආ යුතු බවද වසන්ත මහතා පැවසීය.
සුළං බලාගාරවලට සෝලා පවර් වලට විදෙස්වලින් තරගකාරී මිල ගණන් යටතේ සමාගම් කැඳවන්න යුතු බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වසන්ත දෙමව්පියන් ගෙන් ලැබුන දනයක් නැතුව, කිසිම රැකියාවක් නොකරන, අදායම් මාර්ගයක් නොමැති ඔබ ජීවත් වෙන සැටි අපට කියා දෙන්න. ඒක අපවැනි ජීවත් වීමට කිසිම පිළිසරනක් නොමැති දහස්ගණන්දුප්පත්ජනතාවට කරන විශාල සේවයක්.
පුද්ගලීකරණය කරාම හොරකම් කරන්න අමාරුයි.
විදුලිය ඇතුලෙ හොරකම් කරන ඒවා මෙයාලට පේන්නෙ නෑ. මොකද එතන ඉන්නෙත් මෙයාලා නිසා
අනෙ වසන්ත තමුන් කට අරියොත් තමුන්ගෙ පක්ශෙ චන්ඩ ටික අඩුවෙනව කියල හොඩට මතක තිය ගන්ඩ . තමුන්ගෙ තියෙන්නෙ වුර්තිය සමිති මෆියවක්. තමුන්ගෙ වුර්තිය සමිති වලින් උනෙ පෞඩ්ගලික ආයතන වහපු එක විතරය් . තමුන් ලොකු කතා කියල සාමන්ය සෙවකයගෙ තිබුන ඩෙවල් ටිකත් නාතිකල . තමුන්ගෙ ප්‍රතිපත්තියක් තියනවඩ මන් පොවෙර් අයතන ගන.තමුනුත් අර මහින්ඩ සමරසින්හෙ වගෙ රටට මෙලො වඩක් කර්න්නෙ නති කලකන්නි ඩිඅල් විතරඉ. මම ර්W ගත්තෙක් නොව
එක එක ආරෑඪ නම්වලින් ලියන මහත්වරුන් හොඳටම දන්නවා ... ඇත්ත නම් වලින් මේවා ලිව්වොත් පාරේ බැහැලා යනවා. කොහොම වෙතත් ගෙදර ඉන්නවත් බැරි වෙන වග...
මොකද්ද මේ හොරා කනවා කියන්නේ හැමදේමටම. මේ ගොල්ලෝ හැමදාම ආණ්ඩුවේ ආයතන පුද්ගල කීරීමට විරුද්යිධ. මේ ගොල්ලෝ කියනවා බජට් එකේ පරතරය බිලියන 700ක් කියලා. හරි ඒවාට තමා බදු අයකරන්නේ සහ ණය ගන්නේ. මන් අහන්න කැමැතියි මේ ගොල්ලෝ බලයට ආවාම අයවැය පරතරය පියවන්නේ කොහොමද? රජයේ සේවකයින්ගේ පඩිය Rs 20,000 කින් වැඩිකරනවාද? පොහොර අඩුමිලට දෙනවාද? VAT එක 12% අඩුකරනවාද? පෙට්‍රෝලියම් ගෑස් මිල අඩු කරනවාද? රජයේ ආයතන පුද්ගලීකරණය කරන්නේ නැද්ද? IMF එක එළවනවාද? බයිලා ගහන්නේ නැතිව උත්තර දෙනවද?