IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘ප්‍රතිසංස්කරණ කියා පෞද්ගලීකරණයෙන් හොරා කනවා‘‘

(මුදිතා දයානන්ද)

ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

රට ආර්ථිකමය වශයෙන් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මේ මොහොතේත් කැබිනට් එක රටට සිදුකරන වංචා-දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම වැදගත් යැයිද විදුලි බල ක්ෂේත්‍රයේ මේ මොහොතේත් බරපතළ මාෆියාවක් සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය.

බලශක්තිය රටකට අත්‍යවශ්‍ය බවද වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම වැදගත් බවද එහෙත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණයට යොමුවී ඇති බවද එය විසඳුමක් නොවන බවද ඔහු පැවසීය.

තරගකාරිත්වය පිළිබඳ සහතිකයක් දිය නොහැකි කිසිදු ක්ෂේත්‍රයක් පෞද්ගලීකරණය නොකළ යුතුයැයිද ඔහු පැවසීය.

විදුලි උත්පාදන පිරිවැය අඩුකර ගැනීම සඳහා තීන්දු තීරණ ගනිද්දී, වැඩි මිලට ඩීසල් මිලදී ගැනීම් අඩුකර ගත යුතු බවද එල්.එන්.ජී. බලාගාර සක්‍රීය කරගත යුතු බවද ඒ සඳහා එල්.එන්.ජී. ඉක්මනින් රටට ගෙන ආ යුතු බවද වසන්ත මහතා පැවසීය.

සුළං බලාගාරවලට සෝලා පවර් වලට විදෙස්වලින් තරගකාරී මිල ගණන් යටතේ සමාගම් කැඳවන්න යුතු බවද ඔහු පැවසීය.

 



අදහස් (7)

‘‘ප්‍රතිසංස්කරණ කියා පෞද්ගලීකරණයෙන් හොරා කනවා‘‘

සාජන් Wednesday, 03 January 2024 07:54 AM

අනේ වසන්ත දෙමව්පියන් ගෙන් ලැබුන දනයක් නැතුව, කිසිම රැකියාවක් නොකරන, අදායම් මාර්ගයක් නොමැති ඔබ ජීවත් වෙන සැටි අපට කියා දෙන්න. ඒක අපවැනි ජීවත් වීමට කිසිම පිළිසරනක් නොමැති දහස්ගණන්දුප්පත්ජනතාවට කරන විශාල සේවයක්.

:       11       10

Kumara Wednesday, 03 January 2024 08:32 AM

පුද්ගලීකරණය කරාම හොරකම් කරන්න අමාරුයි.

:       5       12

රංබොඩ Wednesday, 03 January 2024 09:35 AM

විදුලිය ඇතුලෙ හොරකම් කරන ඒවා මෙයාලට පේන්නෙ නෑ. මොකද එතන ඉන්නෙත් මෙයාලා නිසා

:       11       10

අරවින්ද මොනරවිලWednesday, 03 January 2024 10:54 AM

විදුලිය බල මණ්ඩලය ඇතුලේ හොරකම් කරනවා නම් ඒ කරන්නේ ඇමතිවරයාගේ සිට පහලට සිටින පරිපාලන නිළධාරින්ව තවම ජ.වි.පෙ. වෘත්තිය සමිතිවල සමාජිකත්වය අරන් නැහැ. ගල් අඟරු ඩෙන්ඩර් එකෙන් පෞද්ගලික බලාගාරවලින් හා අනෙකුත් ටෙන්ඩර් වලින් කාර්‍යාලකාර්ය සහයකයන්ට හො විදුලි කාර්මියන්ට කොමිස් ලැබෙනවා කියලා තවම අපිට නම් ආරංචිවෙලා නැහැ.රංබොඩට එහෙම තොරතුරු තියෙනවා නම් වහාම රටට හෙලි කරන්න.

:       8       13

CASMIR Wednesday, 03 January 2024 11:28 AM

අනෙ වසන්ත තමුන් කට අරියොත් තමුන්ගෙ පක්ශෙ චන්ඩ ටික අඩුවෙනව කියල හොඩට මතක තිය ගන්ඩ . තමුන්ගෙ තියෙන්නෙ වුර්තිය සමිති මෆියවක්. තමුන්ගෙ වුර්තිය සමිති වලින් උනෙ පෞඩ්ගලික ආයතන වහපු එක විතරය් . තමුන් ලොකු කතා කියල සාමන්ය සෙවකයගෙ තිබුන ඩෙවල් ටිකත් නාතිකල . තමුන්ගෙ ප්‍රතිපත්තියක් තියනවඩ මන් පොවෙර් අයතන ගන.තමුනුත් අර මහින්ඩ සමරසින්හෙ වගෙ රටට මෙලො වඩක් කර්න්නෙ නති කලකන්නි ඩිඅල් විතරඉ. මම ර්‍W ගත්තෙක් නොව

:       10       8

Aravinda Monarawila Wednesday, 03 January 2024 01:01 PM

එක එක ආරෑඪ නම්වලින් ලියන මහත්වරුන් හොඳටම දන්නවා ... ඇත්ත නම් වලින් මේවා ලිව්වොත් පාරේ බැහැලා යනවා. කොහොම වෙතත් ගෙදර ඉන්නවත් බැරි වෙන වග...

:       8       5

Jayantha Wednesday, 03 January 2024 01:10 PM

මොකද්ද මේ හොරා කනවා කියන්නේ හැමදේමටම. මේ ගොල්ලෝ හැමදාම ආණ්ඩුවේ ආයතන පුද්ගල කීරීමට විරුද්යිධ. මේ ගොල්ලෝ කියනවා බජට් එකේ පරතරය බිලියන 700ක් කියලා. හරි ඒවාට තමා බදු අයකරන්නේ සහ ණය ගන්නේ. මන් අහන්න කැමැතියි මේ ගොල්ලෝ බලයට ආවාම අයවැය පරතරය පියවන්නේ කොහොමද? රජයේ සේවකයින්ගේ පඩිය Rs 20,000 කින් වැඩිකරනවාද? පොහොර අඩුමිලට දෙනවාද? VAT එක 12% අඩුකරනවාද? පෙට්‍රෝලියම් ගෑස් මිල අඩු කරනවාද? රජයේ ආයතන පුද්ගලීකරණය කරන්නේ නැද්ද? IMF එක එළවනවාද? බයිලා ගහන්නේ නැතිව උත්තර දෙනවද?

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site