(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් රෝගීන් යම් ආකාරයකට ඉදිරියේදී වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සහ ඒවාට සහාය දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරීන් සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු කණ්ඩායම් අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ අතර, කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමුවීමට අවශ්‍ය පියවර ගන්නැයිද සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස්දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන් වැඩි වුණොත් කියන්නේ දැනටමත් වැඩි වෙලා නේද? ඇයි තවත් බොරු කරන්නේ...? ඇත්ත තත්වය රටට කියලා මේක නවත්වන්න පියවර ගන්න. බොරු කිරීම නවත්වන්න..
ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගත හැකි නම් වඩා කාර්යක්ෂම වේවි. කෙසේ හෝ තත්ත්වය පාලනය කරගෙන අපේ මිනිසුන් බේරා ගැනීමට සියලු දෙනාට හැකිවේවා...!
මෙතුමාගේ හදවතේ තිබෙන දේ නොවෙයි කියන්නේ, කවුරුහරි බොටුව මිරිකලාද දන්නේ නෑ...?
එහෙනම් කොරෝනා හෙට අනිද්දාම ඉවර වෙයි. ජයවේවා...!!!
රජයටත්, සෞඛ්‍ය අංශයේ විරුවන්ටත් තව ශක්තිය ලැබේවා. ජනාධිපති තුමණි ඔබට පුලුවන් රට දිනවන්නට.
මැට්ටන්ට නොතේරෙන එකදෙයක් තිබෙනවා. ත්‍රිවිද හමුදාව හැරෙන්න ප්‍රතිකාර සඳහා වෙන පිරිස් කොහෙන්ද යොදවන්නේ? ප්‍රතිකාර සඳහා වෙන පිරිසක් ගත්තොත් එතන වැඩ කෙරෙන්නේ කොහොමද? විනයක් තිබෙන, වැඩකට බය නැතිව යොදවන්න පුළුවන් එකම පිරිස තමයි ත්‍රිවිද හමුදාව.