IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘පෙරිටෝනියල් ඩයලිසිස්‘ සෑම වකුගඩු රෝගියකුටම සුදුසුද?

වකුගඩු රෝගය කල්යත්ම උත්සන්න  වීමෙන් රෝගී පුද්ගලයා මුහුණපාන ප්‍රධාන ගැටලු රැසකි. ඒ අතරින් රෝගී පුද්ගලයාගේ වකුගඩුවෙන් නියමිත ආකාරයට අපද්‍රව්‍ය ඉවත් නොවීම හේතුවෙන් මුත්‍ර නිපදවෙන ප්‍රමාණය අඩුවේ. කාලීන වකුගඩු අකරණිය උග්‍ර අතට පත් වූ විට රෝගියාට කුමන හෝ ක්‍රමයකින් රුධිරය පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

නොඑසේනම් අපද්‍රව්‍ය ඇතැම් ලවණ වර්ග සහ රුධිරයේ ආම්ලිකතාව ඉහළ යෑමෙන් ශරීරයේ සමතුලිතතාවට බාධා පමුණුවා ජීවිතය අනතුරුදායක තලයකට ගෙන යාමට ඇති අවකාසය නිසයි.

වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසුදු කිරීම සඳහා වර්තමානයේදී ලොව සෙසු රටවලත් ප්‍රධාන ක්‍රම 02ක් භාවිත නෙරේ. එනම් රුධිර කාන්දුකරණය ( hemodialysis ) සහ  පෙරිටෝනියල් ඩයලිසිස් ( peritoneal dialysis ) හෙවත් පරිතාන කුහරය හරහා කෙරෙන රුධිර පිරිසුදු කිරීමයි.

අපගේ උදර කුහරය වට කරමින් ඇති පටලයක් වන පරිතාන පටලය ආධාරයෙන් වකුගඩු අකර්මණ්‍යතාවකදී රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රමය පෙරිටෝනියල් ඩයලිසිස් නමින් හැඳින්වේ. විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද තරලයක් උදර කුහරයට ඇතුළු කර පරිතාන පටලයේ ඇති රුධිර නාල ඔස්සේ සිදුවන අපද්‍රව්‍ය හුවමාරුවෙන් රුධිරය පිරිසුදු කරනු ලැබේ.  

මෙහිදී උදර කුහරයට තරලය ඇතුළු කිරීමට නළයක් අවශ්‍ය වේ. උදර කුහරයට නළය ඇතුළු කිරීම සඳහා කුඩා සැත්කමක් කළ යුතු අතර එයාකාරයෙන්ම මෙය එහි රඳවා තබා ගැනුමට පුළුවන. සාමාන්‍යයෙන් සැත්කමින් සති 4ක් 6ක් අතර කාලයකින් නළය උදර කුහරයේ බිත්තිවලට සවිවේ. රුධිරය පිරිසුදු කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවයි. ඉහත දැක්වූ කාලයට ප්‍රථමයෙන් නළය භාවිත කළොත් සිදු වන්නේ තරලය උදර කුහරයෙන් එළියට කාන්දු වීමයි.

නළය භාවිත කළ හැකි අවස්ථාවේ  පටන් රෝගියාට නිවසේදීම මෙය ආධාරයෙන් උදර කුහරයට තරලය ඇතුළු කිරීම, ඉවත් කිරීම මගින් රුධිරය පිරිසුදු කර ගත හැකි වේ.

මුලින්ම මෙම ක්‍රමය සම්බන්ධයෙන් රෝගියාටත්. ඔහුගේ පවුලේ පුද්ගලයකුටත් අවශ්‍ය කෙරෙන පුහුණුව ලබාදේ. මෙයාකාරයෙන් දිනකට 04 වතාවක් හෝ 05 වතාවක් මෙම හුවමාරුව සිදුවේ.

වඩාත් සුදුසු නුසුදුසු රෝගීන් කවුරුන්ද?

පෙරිටෝනියල් ඩයලිසිස් සඳහා වඩාත් සුදුසු වන්නේ විවිධ රෝගාබාධ නිසා hemodialysis ප්‍රතිකාර ක්‍රමයට නුසුදුසු වන අයයි. උදාහරණයක් ලෙස හෘද වස්තුවේ දුර්වලතා ඇති පුද්ගලයන් සඳහන් කළ හැකියි. එහෙත් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීමේ ගැටලුවක් නැත.

එහෙත් අප විශේෂයෙන් මතක තබා ගත යුතු පුද්ගලයෝද වෙති. එනම් උදර කුහරයේ ශල්‍යකර්මවලට භාජනය වූවන්, බඩවැල - මුත්‍ර මාර්ගය උදර කුහරය හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශල්‍යකර්මවලට භාජනය වූවන් , ඉතා ස්ථුල පුද්ගලයන් සහ ශාරීරික දුර්වලතා හේතුවෙන් ඉහත සඳහන් කළ තරලය ඇතුළු කිරීම , ඉවත් කිරීම තමන්ට කර ගැනීමට අපහසු අයයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

‘පෙරිටෝනියල් ඩයලිසිස්‘ සෑම වකුගඩු රෝගියකුටම සුදුසුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site