IMG-LOGO

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිමයෙන් කැපවෙනවා

(නිමල කොඩිතුවක්කු)

තම රජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය.

කුප්‍රකට ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ කල් දමන සංස්කෘතියට තිත තබා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ශක්තිමත් කරමින්  කලට වේලාවට ජනතාවට ඡන්ද බලය දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂා කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතිවාසිකම් ද රටේ මූලික අයිතිවාසිකම් බවට පත් කරන නව ව්‍යවස්ථාවකට මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හොටලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව කීවේය.

කටින් බතල සිට වූ කාලය සමගි ජන බලවේගය වෙනස් කරමින් බලයක් නොමැතිව විපක්ෂයේ සිට සක්වල හා හුස්ම වැඩසටහන තුළින් වැඩක් කර පෙන්වා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දින සිට නොනිදන සංවර්ධනක් කරා රට මෙහෙයවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරියේ ක්‍රියාත්මක රාජ්‍ය පාලනය හිතවත්කම් වෙනුවට  විද්‍යාත්මක කුසලතාව කේන්ද්‍ර කර ගත් දක්ෂයන් කණ්ඩායමකට භාර දෙන බවත් ඔහු සඳහන් කළේය.

මහජන නියෝජිතයන්, විෂය කේන්ද්‍රීය විශේෂඥයන් සහ  රාජ්‍ය නිලධාරින් එකතු කර ගනිමින්  කාර්යක්ෂම සුහුරු රටක් බිහිකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය අනුගමනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ධනය උත්පාදනය කරන්න මානුෂීය ධනවාදයේ සාධනීය ප්‍රතිපත්ති උපයෝගී කර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එසේ නිර්මාණය වන ධනය ජන සමාජයේ සාධාරණ ලෙස බෙදී යාමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක ආර්ථික එංජිම වන පෞද්ගලික ව්‍යවසායකට මුල්තැන ලබා දී නව ව්‍යවසායන් මිලියනයක් බිහි කිරීම අරමුණු බවත් ඒ සඳහා වන ජාතික ආර්ථික සැලසුමකට මුල පුරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

පළාත් නමයේ සියලු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුනු කරන දැවැන්ත කර්මාන්ත ප්‍රතිපත්තියකට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව අංශවලින් රටට ලබා ගත හැකි ජයග්‍රහණ ලබා ගැනීමට මුළු රාජය ක්ෂේත්‍රයම සවිබල ගැන්විය යුතු බවත් තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය උදෙසා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

පෙර පාසල් පද්ධතියේ සිට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට එය ආරම්භ කර තොරතුරු තාක්ෂණ විද්වතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට රට  පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් නිවසේ ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගත නොහැකිව මහා පීඩනයකට ලක්ව ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි කාල වකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ සාර්ථක වැඩසටහනක් රටට ලබා දෙන බවත් ඒ යටතේ ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය ආදී ප්‍රධාන ගුණාංගවලින් සමන්විත වැඩසටහනක් කරා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කෑ අය නිදැල්ලේ සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට වත්මන් ජනාධිපති කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

රටේ සම්පත් සොරා කන දුෂණය වංචාව සිදු කරන අය නීතියේ රැහැනට හසුකර ඔවුන් සොරා කෑ දේපල නැවත රටට ලබා ගැනීමට කටයුතු කරන බවත් ජනතාවට වගවෙන වගකියන විනිවිදභාවයෙන් යුක්ත රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුලු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වීය.



අදහස් (3)

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිමයෙන් කැපවෙනවා

pradeep Thursday, 15 August 2024 05:06 PM

ඔහේ දොඩවනවා. මේ වගේ විහිළු කාරයෙක්ට රට ගියොත් දෙයියන්ගේම පිහිටයි.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:48 PM

එතකොට ඉස්කෝල වලට බස් බෙදන්න වෙන්නේ අපිටද?

:       0       0

sam Thursday, 15 August 2024 07:54 PM

මහබැංකුවේ තිබෙන බිලියන 5 වියදම් නොකර හෝ මුදල් නැවත print නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් සජිත් රටට පැහැදිලි කර නැත. ඔහු ජනධිපති වුවහොත් සිදුවන්නේ ඉන්ධන මිල අඩුකිරීම, tax අඩුකිරීම සහ වෙනත් සුබසාධන ක‍ටයුතු සහ සහන සහ නොමිලයේ ලබාදීම යැපුම් මානසිකත්වය වේගවත් කිරීම වේ. එයින් සිදුවන්නේ මේ වනවිට වර්ධනය වෙමින් පවතින ආර්ථිකය වේගවත් කඩාවැටීමකට ලක්විම වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site