
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යවා ඇතැයි පාරිභෝගික සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම පරීක්ෂණයේ වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතව ඇතැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
ඒ වාර්තාවෙන් අනාවරණය කෙරෙන තොරතුරු පාර්ලිමේන්තුවට ලබන සදුදා ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලින්ඩර අභ්‍යන්තර පීඩනය මීට පෙර තිබූ තත්ත්වයට වඩා වෙනසක් ඇත්දැයි ද සොයාබැලිය යුතුයි...
ප්‍රතිඵල එනකන් ඉන්න ඕන නෑ. දැන්ම කියන්නම්. බියුටේන් : ප්‍රොපේන් = 80 : 20 යි. වැරැද්ද අපේ අතේ…! ගෑස් කුකර් පාවිච්චි කරන්න දන්නේ නැතිකම…!
වෙළඳපොළට ගිහිල්ලා අහඹු ලෙස තෝරාගැනීම නේද කරන්න ඕනෑ? චෝදනාව එල්ල වෙලා තියෙන අය එවන සාම්පල ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද?
ඊළඟට පිපිරෙන ගෑස් සිලින්ඩරය තිබෙන ප්‍රදේසය කලින්ම කියා අගනා තෑගි දිනාගන්න. ගෑස් නම් සල්ලි, සල්ලි නම් ගෑස්...!
තුසන් ගුණවර්ධනගෙන් දූෂණ කරුණු හැර තාක්ෂණික ගැටළු සහ අන් සියල්ල දැනගැනීමට මාධ්‍ය උත්සාහ නොකළ යුතු අතර සහ ඔහුගෙන් ජනතාවට ගෑස් පරිහරණය කළයුතු වන්නේ කෙසේද කියා පණිවුඩයක් ලබාදීම නොකළ යුතු වේ. එපමණක් නොව ලංකාවේ මෙම ගෑස් සිලින්ඩරය කොපමණ කලක් තබාගත හැකිද? සහ එම සිලින්ඩරයේ නිෂ්පාදිත දිනය කිසිවකුට වෙනස් කළනොහැකි ආකාරයට යොදා තිබේද? එපමණක් නොව ගෑස් සිලින්ඩරයේ වර්ණ කේත පිළිබඳව පවා ජනතාවට කිසිඳු දැනුමක් නොමැත. එ් සඳහා සුදුසු පුද්ගලයන් ගෙන්වා නිවැරදි පණිවුඩය සුදුසු පුද්ගලයන් මගින් රටට, ජනතාවට නිසි දැනුවත් කිරීමක් ලබාදීම මාධ්‍යයේ වගකීමකි. සමස්ත ශ්‍රී ලංකාවටම නිසි ප්‍රමිතියක් ලබාදීමට ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු මෙන්ම එ් සඳහා පෙරමුණ ගතයුතු කාලය පැමිණෙමින් තිබේ.
ස' ගේ ගෙදර ගෑස් සිලින්ඩරයක් තියෙනවාද?
තල වැපුරුවොත් තල.., මුං වැපුරුවොත් මුං... ලැබෙන්නේ කියලා අපි අපිම ක්‍රියාවෙන් අවබෝධ කරගෙන ඇත. අපිට මේවා හොඳ පාඩම්... හීනෙන් බයවෙලා වගේ ඡන්දෙ දෙනවාට...