(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව පොලිස්පති වරයා අද පස්වරු 2.30 ට පමණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත .
පොලිස්පතිවරයාට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ, පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම, සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිති.
සී.අයි.ඩිය පොලිස්පතිගෙන් පස්වරුවේ ප්‍රකාශ ගනියි
(ඉන්දිකා රාමනායක)
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශක ලබා ගැනීමට සූදානමින් සිටී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග පවසයි
ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම, සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙන ප්‍රකාශය ලබා ගන්නා බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරලියගහ මන්දිරය දෙස සිට පැමිණි පිරිසට නිදහසේ ගාලු මුවදොර පැත්තට පැමිණිමට අවකාශ උදා වූයේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට ලබාදුන් නියෝගයක් නිසා බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රකාශයක් දීමට පොලිස්පති සී.අයි.ඩියට
Sk Saturday, 21 May 2022 04:31 PM
හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ..!
DonSaturday, 21 May 2022 06:38 PM
ගෝලයා ගුරාව ඉන්ටර්වීම් කරනවා වගේ කියන්නේ මේකට...