(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවහොත් එම පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන නොමැති නිසා මාර්ග අවහිර කර හෝ පිරවුම්හල්වල සේවයන්ට පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය කඩා වැටෙන බවත් ඉදිරි සතියේ සිට ඉන්ධන අඛණ්ඩ සැපයීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා? මේ ගොල්ලෝ කවදා පාඩම් ඉගෙන ගනියිද කියලා.. බලහත්කාරකම් ජනතාවට පෙන්නන්න ගිහිල්ලා කෑවා මදිද? ප්‍රශ්න දිහා මීට වැඩිය පුළුල් ලෙස බැලිය යුතුයි. ප්‍රශ්නයට පිළිතුරු මිස තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත්තාම පරම්පරා ගණනාවක් යනවා විසඳුම් හොයන්න. පරිණතභාවය කියන්නේ කළඳක්වත් නැති මොලෙයි, බඩයි, කටයි නෙවෙයි.
මිනිස්සු ආසාවට පාරවල් වහන්නේ නැහැ. පෝලිම්වල දවස ගෙවලා තෙල් ටික ගහගන්න යන්න ඇමැතිතුමා. එතකොට දවස් ගණන් පෝලිම්වල ඉඳලා තෙල් නැතිව ගියාම ඔබත් කරන්නේ ඕකම තමයි. දැන් පාර්ලිමේන්තුවට එන පාරවල්වල උද්ඝෝෂණ තියෙනවනේ. එතකොට එහෙනම් ඔයාලා පාර්ලිමේන්තුව වහලා දාන්නකෝ. ඔවැනි තීරණවලින් ප්‍රශ්න විසඳන්න බැහැ. ගෙදර දරුවට කන්න නැහැ කියලා අඬනකොට ගෙදරින් එළියට දාන එකද පිළියම..? නැතිනම් කන්න නොදෙන වැඩිහිටියද හරි..?
ඔබලාට ඉන්ධන ටිකවත් හිඟයක් නැතිව බෙදාදෙන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට ආණ්ඩුව බාරදීලා ගෙදර යන්න. ගෝඨාභය ගෙදර ගියොත් රටේ ප්‍රශ්න බොහෝමයකට විසඳුම් ලැබෙනවා.
තව ඉල්ලන් කෑම මදියි වගේ... ඔහොම යන්...