(අංජුල මහික වීරරත්න)
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.
යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට දීමට එක් දරුවකුට වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත ආහාර වේලක් දීමට අප සැලසුම් කර තිබෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක්
අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 09:15 PM
ජනාධිපතිවරණය ලග නිසාත් ගෙවල් ගානේ ගිහින් සිල් රෙදි වැසිකිළි පෝච්චි ටකරන් තහඩු උදළු තල බෙදන්න බැරි තත්වයක් උදාවලා තියන නිසාත් ජනතාව රවටන්න කරන ප්‍රෝඩාවක් වගෙ තමයි පෙනෙන්න තියෙන්නේ. බිත්තර ගෙඩියකුත් රුපියල් 60 ක් වන රටක රුපියල් හැටකින් පොල් සම්බෝලයි බතුයිත් දෙන්න බැරි වෙයි, ඡන්දය ලංවෙන විට දෙන්න පටන් ගනියි ඡන්දයෙන් පස්සේ දින්නත් පැරදුනත් ඕක ලැබෙන එකක් නැහැ. අපි නම් රැවටෙයි ගීතාක්කගේ ගැහැනු ගැටවලට.
සල්ලි Friday, 12 January 2024 07:25 AM
ඔක්කොම යෝජිත ඒවයි බලාපොරොත්තු වෙන ඒවයි. කරපු හරියක් නෑ. රට අස්ථාවර කරලා දැන් ස්තාවර මග හොයනවා ...