
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රථම පියාසර කළ හැකි යතුරු පැදිය පසුගියදා උතුරු ඇමෙරිකානු මෝටර් රථ ප්‍රදර් ශනයකදී එළි දැක්වූවේය.මෙම හවර් යතුරුපැදිය පැයට කිලෝ මීටර 100 ක් දක්වා වේගයකින් ධාවනය කළ හැකි අතර විනාඩි 40 ක කාලයක් පියාසර කළ හැක.
මෙම යතුරුපැදිය එක්ස් ටුවරිස්මෝ ලෙස හඳුන්වන අතර ඇමෙරිකානු ඩොලර් 777000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 278584026) ක මිලක් නියම කර ඇත.ලබන වසර වනවිට මෙම යතුරුපැදියේ කුඩා ආකෘතියක් නිපදවීමට බලාපොරොත්තු වන බවත් 2025 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 50000 කට විකිණිය හැකි යතුරු පැදියක් නිර් මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම යතුරු පැදියේ නිර් මාණකරු වන අර් වින්ස් සමාගම ප්‍රකාශ කළේය.
හවර් යතුරුපැදි ජපානයේ මේ වන විට විකිණීමට තිබෙන බවත් එය ගුවන් යානා කාණ්ඩයට අයත් නොවන නිසා පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් නිර් මාණකරුවෝ පවසති.කෙසේ වෙතත්, ජපානයේ එවැනි යන්ත්‍ර සඳහා ඇති දැඩි රෙගුලාසි හේතුවෙන්,එක්ස් ටුවරිස්මෝ තවමත් මහා මාර් ග වල ධාවනය කළ නොහැකි බව එම සමාගම පවසයි.
එක්ස් ටුවරිස්මෝ හවර් යතුරුපැදියට අශ්ව බල 228 ක කවසාකි යතුරු පැදි එන්ජිමක් සවිකර ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාඹන යතුරු පැදියක් එයි