(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කරන ලෙස කී අමාත්‍යවරයා එම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.
එමෙන්ම දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව ඇති වී කිලෝ ලක්ෂ පනහක් පමණ මහ කන්නයේ අස්වනු නෙලීමට පෙර කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට අලෙවි කර ගබඩා හිස් කරන්නැයි ද අමරවීර මහතා කීය.
මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනිම හා අස්වනු නෙලීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි මොවුන්ට මතක්වෙලා තියෙන්නේ කඩිනමින් තීන්දු ගන්නයි, වංචා දූෂණ ගැන කතා කරන්නයි. ඒවාට රැවටෙන හරක් දැන් ලංකාවේ දුලබයි කියලා මේ ඇමැතිට මතක් කරලා දෙන්න කැමැතියි.
මෙන්න බොලේ මේකා පයිතගරස් ගැනත් කියවනවා.නමවත් හරියට කියවගන්න බහැ පයිතගෝරෂ් ලු. බස් එකේ ටිකට් කඩපු කොන්දා දන්නා පයිතගරස්.ඕකට තමයි කියන්නේ හීනමානය කියලා.
ඇමතිතුමා දන්නවද පයිතගරස් තියරම් එක මොකද්ද කියල?
එප්පාවල පෝර වලට අගය එකතු කරලා හොද ගාණකට විකුනන්න ඇහැකි . තේරුනාද ?