(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කරන ලෙස කී අමාත්‍යවරයා එම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.
එමෙන්ම දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව ඇති වී කිලෝ ලක්ෂ පනහක් පමණ මහ කන්නයේ අස්වනු නෙලීමට පෙර කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට අලෙවි කර ගබඩා හිස් කරන්නැයි ද අමරවීර මහතා කීය.
මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනිම හා අස්වනු නෙලීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ
අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 03:58 PM
දැන් තමයි මොවුන්ට මතක්වෙලා තියෙන්නේ කඩිනමින් තීන්දු ගන්නයි, වංචා දූෂණ ගැන කතා කරන්නයි. ඒවාට රැවටෙන හරක් දැන් ලංකාවේ දුලබයි කියලා මේ ඇමැතිට මතක් කරලා දෙන්න කැමැතියි.
Aruni Wednesday, 03 January 2024 08:32 PM
මෙන්න බොලේ මේකා පයිතගරස් ගැනත් කියවනවා.නමවත් හරියට කියවගන්න බහැ පයිතගෝරෂ් ලු. බස් එකේ ටිකට් කඩපු කොන්දා දන්නා පයිතගරස්.ඕකට තමයි කියන්නේ හීනමානය කියලා.
ලුම්බිණි Thursday, 04 January 2024 06:46 AM
ඇමතිතුමා දන්නවද පයිතගරස් තියරම් එක මොකද්ද කියල?
සල්ලි Thursday, 04 January 2024 07:32 AM
එප්පාවල පෝර වලට අගය එකතු කරලා හොද ගාණකට විකුනන්න ඇහැකි . තේරුනාද ?