( ටී.කේ.ජී.කපිල )
මගී ගුවන් යානා සදහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව , අද උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට , මගී ගුවන් යානා 29 කින් ගුවන් මගීන් 2,068 දෙනකුට මෙරටට පැමිණ ඇතැයි තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සදහන් කරයි .
සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනකු ද මෙසේ පැමිණ ඇත .
ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනකු ද මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. .
මෙසේ පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර , ඒ අතරතුර මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය .
මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනකු , ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපුරුයි අපේ රටේ අය නම් අපට කමක් නැහැ. ඒ අය මෙහේ නැතිව කොහේ යන්නද? ප්රශ්නය විදේශිකයන්ගේ පැමිණීමයි. අපේ අයියලාට සල්ලි හම්බ වෙනවා නම් ඕන කුණුගොඩක්...
ලංකාවට අලුතෙන් එන සියලු කෝවිඩ් 19 ප්රභේදයන් සාදරයෙන් පිළිගනිමු.
මේකේ ඉන්න කට්ටිය ලොකු ලොකු ටෝක් දෙයි. ගුවන් තොටුපලක් වහනවා කියන්නේ දිනකට මිලියන ගානක් පාඩුවෙනවා, ඔහොම පාඩු වුණාම කොහොමද රටක් පවත්වාගෙන යන්නේ කියලා හිතන්න ඕනෑ.., වෛරසය පාලනය කරන අතරතුර අනෙක් කටයුතු කළයුතු වෙනවා. නැත්තම් පෝට් සිටිය විතරක් නොවෙයි රටත් විකුණන්න වෙනවා... හිතනවද ලංකාවට නැවි පිටින් ඩොලර් එනවා කියලා.