(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි දෛනිකව කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 1839 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 75,987ක් දක්වා ඉහළ ගොස් ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර කොට්ඨාසයෙන් - 236 ක්, බියගම - 185 ක්, සීදූව - 171 ක්, කැලණිය - 159 ක්, අත්තනගල්ල - 150 ක්, මිනුවන්ගොඩ - 145 ක්, ගම්පහ - 139 ක්, මීරිගම - 136 ක්, වත්තල - 135 ක්, දොම්පෙ - 110 ක්, කටාන - 96 ක්, රාගම - 70 ක්, මීගමුව - 43 ක්, ජාඇල - 34 ක් සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් - 30 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,937 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ආසාදිතයින් හමුවීමේ වැඩි බවක් පවතින බැවින් ජනතාවට සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරන ලෙසට යළි යළිත් සිහිපත් කරන බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැරව නොයන ලෙසත් ජනතාව ගැවසෙන ස්ථානයන්හි රැදී සිටීමෙන් වලකින ලෙස සහ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් ගන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස දැනුවත් කරන බවත් සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැය 24 ගම්පහින් ආසාදිතයන් 1839ක්