(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 179 ක්, දොම්පෙ - 156 ක්, ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය - 130 ක්, මීරිගම - 118 ක්, අත්තනගල්ල - 115 ක්, බියගම - 111 ක්, ජාඇල - 98 ක්, මීගමුව - 93 ක්, කැලණිය - 68 ක්, සීදූව - 67 ක්, වත්තල - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන් - 47 දෙනෙකු වශයෙනි.
පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථාන අවට ගෙවල්වල මවුකිරි බොන බිළිඳු දරුවන් ඉන්නවා. අධික ලවුඩ්ස්පීකර් ශබ්දයට ඒ දරුවන් අඬන ශබ්දයවත් ඇහෙන්නේ නැහැ. කරුණාකරලා උදේ, සවස ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් මඟින් සිදුකරන පාරිසරික ශබ්ද දූෂණය නවත්වන්න...! මනුෂ්‍යත්වයෙන් මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න...!