(ඉන්දිකා රාමනායක)
සියපුතු ලේලියට පහර පහරදෙන බවට පවසා මාවතගම පොලීසියට කළ පැමිණිල්ලක් සටහන් කර නොගත් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කළ බව මාවතගම පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 17 දින රාත්‍රී උපසේවයේ යෙදී සිටියදී එදින පොලිසියට වයෝවෘද්ධ පුද්ගලයකු සිය පුතු ලේලියට අමානුෂික ලෙස පහරදෙන බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සැකකාර කොස්තාපල් එම පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාවතගම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරයා වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නොහොබිනා ක්‍රියා නිසා අවංකව රාජකාරි කරන අනෙකුත් නිලධාරීවරුන්ටත් නිකරුනේ අපහසුතාවයන්ට පත්වෙන්න සිදුවෙලා
මෙය සියලුම පොලිස් ස්ථානවල සාමාන්‍ය ක්‍රියාවකි. අපරාධ සංඛ්‍යාලේඛන අඩු කිරීම සඳහා ඔවුන් පැමිණිලි සටහන් කරන්නේ නැත. විශේෂයෙන් බරපතල අපරාධ. මෙම අපරාධකරුවන් දිරිමත් කිරීමෙනි.