(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙස්ලි විදුහල සහ සහිරා විදුහල අතර පැවති පාපන්දු තරගයකින් අනතුරුව ඇති වූ  ගුටිබැට හුවමාරුවකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

වැල්ලවත්ත කූරේ පාක් ක්‍රීඩාංගණයේ පැවති තරඟයෙන් අනතුරුව  ගුටිබැට හුවමාරුව සිදු වී ඇති බව  සිදුකල පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

තුවාල ලැබූවන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත

වැල්ලවත්ත පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාශ් කහදවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි