
(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමට සැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
මෙම අධික ඉල්ලුම හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල් 35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයෝ නැද්ද විකුණන්න?
මෙහෙමත් ගොබ්බයින්, තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න කියලා හිතන එක නවත්තනකන් අපි 225ට වහල්ලු ඔවුන් කියන හැම එකම අපි කරනවා. අපි කියන එකක් ඔවුන් කරන්නේ නැහැ... තව බයික් අරගෙන පැදපල්ලා...
35,000 නෙමෙයි 35ලක්ශයක් වෙන්න ඕනේ එක බයිසිකලයක්. කල්තියලා වැඩේ කරගන්නේ නැතුව අන්තිම මොහොතේ තදවෙලා කපටි මුදලාලිලා තර කරනවා...
අඩුගානේ නිරෝගී සුවය ලැබෙයි. හැබැයි පාරේ යද්දී පරිස්සම් වෙන්න ඕනෑ...!
මේ පාපැදි පදින්න බැහැ. අමාරුයි. අඩුගානේ අපේ අයට සරළ පාපැදියක්වත් හදාගන්න බැහැ. හරියටම බැලුවොත් ඉතා අඩු මුදලකට හදන්න පුළුවන්. මේකට මහලොකු දෙයක් ඕනෑ නැහැ. අවංකවම ලැජ්ජයි ශ්‍රී ලාංකිකයකු වීම ගැන.
පාපැදිය ප්‍රචලිත වීම ඉතාමත් හොඳදෙයක්... රටේ අනාගතය (ඩොලර් ඉතිරිය) සහ සෞඛ්‍ය පැත්තෙන්... මෙය රජය විසින් කළයුතු ප්‍රවර්ධනයක් වුවද, රටේ අනෙකුත් දේවල්මෙන් මෙයද රජය නිකන් බලා සිටියදී මිනිසුන් විසින්ම අරඹා ඇත. එය රටට සුබදායකයි. නමුත් දැන් රජය මෙම බයිසිකල් පදින්නන්ගේ ආරක්ෂාවවත් අඩුම වශයෙන් සහතික කළ යුතුයි. පාපැදි මංතීරු ඇතිකළ යුතුයි. බල්ලන්ගෙන් වන අනතුරු නැවැත්වීමට නගරසභා විසින් දඩාවතේ යන බල්ලන් මාර්ගවලින් පිටමන් කර බල්ලන් සඳහාම වන වෙනත් ස්ථාන කරා යොමුකළ යුතුයි. සමහර පාරවල් පාපැදි සඳහාම පමණක් කළයුතුයි. වෙන මුකුත්ම නොකර ඉහත කරුණු පමණක්වත් කිරීමට අදාල ආයතන කටයුතු කළහොත් එය රටට සුබ දායක වනුඇත. බයිසිකල් පැදීම ප්‍රවර්දනය වී වැඩි පිරිසක් එයට යොමු වනු ඇත. ඒ ආයතන දිහා මේ දේවල් කරනතුරු අපි බලා සිටිමු.
මේකට තමයි මහින්ද එදා පාර්ලිමේන්තුවට පාපැදියෙන් ඇවිත් ආදර්ශයක් පෙන්නුවේ...