
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට පැමිණ සිටී. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප්තුමකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන බහරේනයේ සිටින කතෝලිකයන් ගණන 1,61,000 ක් යැයි වතිකාන වාර්තාවල දැක්වෙයි.
බහරේනයට පැමිණි පාප්තුමන් පළමුවෙන්ම කළේ බහරේන රජු හමාද් බින් ඊසා අල් කලිෆා හමුවී සාකච්ඡා පැවැත්වීමය. බහරේන රජුගෙන් 85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් වතිකානයේ සිට බහරේනය බලා ආවේ දැඩි අපහසුවෙනි. තමන් පාදවල වේදනාවෙන් පෙළෙන බව පාප්තුමන් ඔහු සමඟ බහරේනයට ආ මධ්‍යවේදීන්ට පවසා ඇත. බහරේනයේ දී පාප්තුමන් ගමන් කළේ රෝද පුටුවේ ආධාරයෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ගරු කරන්නේ බයිබලයේ කියලා තියෙන දේ හරියට පිළිපදින අයට පමණයි..