
(අංජුල මහික වීරරත්න)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකානයට ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙකෝටි විසි ලක්ෂයක ජනතාව වෙනුවෙන් තමන් පාප් වහන්සේට ගෞරවය පුද කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වතිකානයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
පාප් වහන්සේ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දැඩි ගෞරවාදරයකින් කටයුතු කළ බවද කාවින්ද ජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාප් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කළ බවද කාවින්ද ජයවර්ධන මහතා කීය.
COMMENTS
පුළුවන්නම් වතිකානුවේ... බැරි නම් ඉතාලියෙන් හරි රස්සාවක් හොයාගෙන ඔහෙම නවතින්න. ජාතික මෙහෙවරක් එහෙම කළොත්...
මෙහෙත් රැකියාව ස්ථීර නැති එකේ, ඔහෙටම වෙලා ටෙම්පරියක් කරගෙන හිටියොත් හොඳ නැද්ද?
ගියාට කමක් නැහැ. දේශපාලනය කතා කරන්නේ නැහැ. ලන්කාවේ මලගෙවල් වල යන්නේ ලකුණු දාගන්න. ඊටපස්සේ කියනවා ඔයාලාට මේ ආන්ඩුවෙන් මොනවාද ලැබුනේ. ඒවා තමයි කතා කරන්නේ. වීනීතව ඉඳලා... නැවත නාවත් කමක් නැහැ...
හොඳ වෙලාවට පවුල් පාලන ආණ්ඩුවක් නොතිබුනේ, හිටියා නම් පවුල් පිටින් යන්නේ ප්ලේන් එකක් පිටින්ම...