
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඔහු කීවේය.
2015 දී 16184ක්ද- 2016 දී 13933ක්ද - 2017 8881 ක්ද - 2018දී 8747ක්ද - 2019 දී 7405ක්ද - 2020 දී 3154ක්ද වශයෙන් ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ටිරාන් අලස් මහතා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් එහේ මිනිස්සු එක්ක මෙහෙ ආව කීදෙනෙක් ඉන්නවද ඔය අතර?
විදේශ පුරවැසිභාවයක් ලැබුනහම ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි වෙනවා , නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගන්න නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අලුතෙන් අයදුම් කලයුතු වෙනවා , අයදුම්පත අනුමත වුනහම එක පුද්ගලයෙක් ගෙන් ඩොලර් 2000 මුදලක් රජයට ලැබෙනවා , ඇමතිතුමනි මෙතන විශාල මාෆියාවක් තිබෙනවා , මෙම අයදුම්පත්‍ර ඉදිරිපත් කලහම අනුමත කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුව වසර 1 , 1/2 පමණ කාලයක් ගන්නවා . නමුත් පගාව දුන්නහම අයදුම් පතරේ මොන අඩුපාඩු කම් තිබුනත් මාස 2 යනකොට පුරවැසිභාවය ලැබෙනවා , ඇමති තුමනි කරුණාකර මේ ගොල්ලන්ට අංක පිළිවෙලට අයදුම්පත්‍ර සලකල බලන ලෙසට නියෝග කරන්න , එවිට මෙම පෝලිම් පැනීම කරන්න බැහැ , අවශ්‍ය නම් වෙනත් ආයතන වල වැඩිපුර සිටින උපදිධාරී රජයේ සේවකයෝ මේකට යොදවල මෙම කටයුතු කඩිනම් කරන්න , පොරොත්තු ලේකන වල අයදුම්පත් 10000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැහිලා , රජයේ වියදම් පියවගන්න මිනිස්සුන්ට අලුතෙන් බදු සැලසුම් කරන මේ අවස්ථාවේ රජයට ලැබෙන්න ඕනේ ඩොලර් මිලියන 20 ක පමණ මුදලක් ඉදිරි මස කිපෙකදී ලබාගන්න පුලුවන්නම් වටිනවා නේද ?(මතු සම්බැන්ධය )
ප්‍රමාදයට හේතු විමසනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෝ බොහෝ විට ප්‍රකාශ කරන්නේ අධාල පුද්ගලයන් පිළිබඳව ඔවුන් කලින් ලංකාවේ රැදී සිටි පළාත්වල පොලිසි වලින් රහස් පොලිස් වාර්තා නොලැබීමට ප්‍රමාදවීම එම ප්‍රමදවලට හේතුව බවය , දැන් යුක්තිය මෙහෙය්මුම්වලට යොදවා ඇති පොලිස් කණ්ඩායම් වලට ඍජුව මෙම රාජකාරියත් භාර දුන්නොත් ඔවුන් යුක්තිය මෙහෙයුමේ වෙනත් රාජකාරි වලට යන අතර තුර මෙම පුද්ගලයන් ගැනත් විපරම්කර , මෙම වාර්තා ඉක්මනට සහ නිවැරදිව ලබාගතහැකි බව මගේ අදහසය , මේ කටයුතු ඉක්මන් කරොත් විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙලබෙන නිසා රටේ ආර්ථිකයටද විශාල රුකුලක් ලැබේවි .
මම නම් කියන්නේ ද්විත්ව පුරවැසිභාවය දෙන එක තහනම් කරලා, දීර්ඝ කාලීන උපරිම අවුරුදු දෙකක් සීමා වුණු වීසා ක්‍රමයක් හඳුන්වා දී, එය 4 වතාවක් ලබාගැනීමෙන් පසු 5 වැනි වතාවේ පුරවැසි භාවය ලබා දීමට සලකා බලන ක්‍රමයක් හදුන්වා දෙනවා නම් හොඳයි කියලා...
කාට නැති වුණත් කමක් නෑ, ඩයනාට දෙන්න...
වෙන රටවල්වල පොලිස් වාර්තාවක් ගන්න යන්නේ උපරිම මාසයක්. ලංකාවේ මාස 6-12 ගන්නවා. කිසිම කාර්යක්ෂමතාවයක් නැති රාජ්‍ය සේවයක්.
ඩයනා ගේන්න.
සිල්වා මහතාගේ අදහස සමඟ මමත් 100% එකඟ වෙනවා , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට යන ඕනෙම කෙනෙකුට පෙනෙනවා මේකේ ලිපිගොනු ගොඩගැහිලා මිටි බැඳලා තිබෙන ආකාරය , දිනකට අයදුම්පත් 20-30 මෙගොල්ලට ලැබෙනවා. මෙතන සේවකයෝ අවම වශයෙන් 20-25 වැඩකරනවා. වැඩ කරන ආකාරය ගැන කිසිම විනිවිධභාවයක් නැහැ. මම අයදුම්පත බාරදුන්නේ 2023 ජනවාරි මාසේ අන්තර්ජාලය හරහා විපරම් කරහම පෙන්වන්නේ ක්‍රියාවලිය පමණි. මම දන්නා කෙනෙක් අයදුම්පත භාර දුන්නේ 2023 සැප්තැම්බර් මාසේ පැරිස් වලින් එයා දෙසැම්බර් මාසේ වෙනකොට ඉල්ලුම්පත අනුමතවෙලා අන්තර්ජාලෙන් ගාස්තු ගෙවල, පෙබරවාරි ලංකාවට ගියවෙලේ පාස්පෝර්ට් එකත් අරන් පැරිස් වලට අවා , පගාව වශයෙන් යුරෝ 200 ගෙවල තිබෙනවා , පැරිස් තානාපති කාර්යාලේ තරවූ කාරයකුට , මම කොලබින් ඉල්ලුම් කරලත් තාම නැහැ
ඇමැතිගේ සන්ඛ්‍යා ලේඛන සහ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්න අය කරන මිල ගණන් සමග සන්සන්ධනය කරලා බලනකොට මේ මහත්වරු කියන කතාවල යම්කිසි සත්‍යයක් තිබෙන බව පෙනෙනවා. මේ කියන විදිහට ඩොලර් මිලියන 10-15 ආදායමක් අලුතෙන් බදු නොපනවා කෙටි කාලයක් තුළදී රජයට ලබාගන්න පුළුවන්නම්, කඩිනමින් මේ ගැන ක්‍රියාත්මක නොවෙන්නේ කිමද? පොලිස් නිලධාරීන් 10 පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණ නිලධාරීන් ලෙස මේ වැඩේට යොදවලා, අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩක් නැතිව නිකරුනේ කල් මරණ උපාධිධාරියෝ ටික භාවිතා කරලා මේ පුද්ගලයින් ගැන සොයාබලා නීතිමය ප්‍රශ්න නැති මිනිස්සුන්ට මේවා කඩිනමින් දෙන්න පුළුවන් නේද? එහෙම දෙයක් ක්‍රියාත්මක නොකොට රජයට ආදායම් නැහැ කියමින් අපිට බදු පිට බදු අලුතෙන් ගහන එක හරිම අසාධාරණ නැද්ද? ලංකාවේ සාමාන්‍යයෙන් සති 3-4 යනකොට පොලිස් වාර්තාවක් ගන්න පුළුවන්...
වසරකට 16184 X 2000$ යනු ඩොලර් මිලියන 32.36 නේද ? මේ මුදලින් පුළුවන් තෙල් නැවක් ගෙන එන්න , කරුණාකර මේ මිනිස්සුන්ගෙන් මෙහෙම ඍජු ආදායමක් ලැබෙනවා නම් , වෙන රජයේ ආයතනයක වැඩිපුර ඉන්න නිලධාරියෝ ටිකක මේ වැඩේට යොදවල මේ පිට රට ඉන්න මිනිස්සු රස්තියාදු නොකර වැඩේ කරලා දීල ඩොලර් ටික රටට ලබාගන්න , මේවා ගැන හොයල බලල සංවිධානය කරන එක , ක්‍රම සම්පධනය කරන එක ,මේවා භාර කොමසරිස්ලගේ සහ අමතිලගේ කාර්යභාරයක් නේද ? ජනතා මුදලින් වැටුප් , වාහන බලපත්‍ර , තෙල් දීමන අර දීමන මේ දීමන ලැබෙනවා , මොනවද මේ ගොල්ල කරන්නේ ? කොමසාරිස් පසුගිය සතියේ මාධ්‍ය සකචාවකදී කියනවා පාස්පෝර්ට් එකක මුද්‍රණය කරන්න වියදම් වෙන්නේ ඩොලර් 5.05 කියල (1500Rs ) මේක අපට දෙන්නේ රුපියල් 10000 කට තනි දවසෙන් නම් 20000 කට , අපට අඩුමතරමේ නිසි සේවයක් සපයනවද ?
මේ කියන ඩොලර් 2000 ගාස්තුවේ කතාව සත්‍යයක්ද? සත්‍යයක් නම් රුපියල් ලක්ෂ 6 පමණ විශාල මුදලක් නේද? මට මතක විදිහට ඉස්සර මම නම් ගෙව්වේ රුපියල් ලක්ෂයක්ද කොහේද? ලංකාවේ ආයෝජනය, කරන්න, ලංකාවට සල්ලි එවන්න කියමින් දේශපාලකයෝ රැස්වීම් තබමින් යුරෝපයේ රවුම් ගැහුවාට අවශ්‍ය මූලික දේවල් ගැන සොයලා බලන්නේ නැති බව පෙනෙනවා.. රටවිරුවා, අර විරුවා, මේ විරුවා කියමින්, කටින් බතල කොළ හිටෙව්වාට වැඩක් තිබෙනවාද? ලංකාවට ඇවිත් නිකම් රස්තියාදු වෙන්න සිදුවෙනවා නම්, මම වුණත් රට ඉඳන් සල්ලි එවලා ඉඩමක් මිලට අරන් ගෙයක් හැදුවේ පුරවැසිභාවය නැවත ලැබුණාට පස්සේ, හරි නම් තානාපති කාර්යාල උනන්දු වෙලා පිටරටවල ජංගම සේවයක් හරි පවත්වලා මේවා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන පරිදි ලබාදීලා, විදේශ ශ්‍රමිකයාට ලංකාවේ ව්‍යාපාරික ආයෝජන අවස්ථා හදුන්වාදීලා ඔවුන්ගේ දැනුම සහ මුදල් ලංකාවේ ආර්ථික සන්වර්ධනෙට යොදා ගන්න ඕනේ නේද? සල්ලි නැහැ කියමින් ලංකාවේ ජීවත්වන දුප්පත් මිනිසුන්ගේ බෙහෙත්, ආහාර, ප්‍රවාහනය, විදුලිය, ජලයට බදු පිට බදු ගහන එක හරිම අසාධාරණයක්...
upul france ඒක සත්‍යක් මම ඒක ගෙව්වා. මට දවස් ගානක පරක්කුවක් නිසා අලුත් ගණන ගෙවන්න සිද්ද උනා. ගෙවන්න ඕනේ credit card එකෙන්. මගේ දරුවා ගත්තේ ඩොලර් 50000 අවුරුදු 5 කට freeze කරලා.
මේ දෙපාර්තමේන්තුවේ වෙනත් අංශයක ආරක්ෂක නිලධරියෙකු ලෙස සේවය කරන හිතවත් පුද්ගලයෙක් , දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මම විමර්ශනය කලා , ඇමතිගේ සන්ක්ය ලේකන සත්‍යයක් , ඩොලර් 2000 ගාස්තුවත් හරි , බමුණු ආරච්චි මහතාගේ ඩොලර් 50000 frezz කරපු කතාව හැර බොහෝ දෙනෙක් කමෙන්ට් කරපුව නිවැරදි බව සදහන් කරන්න ඕනේ , අයදුම්පත් 10000 වැඩි ප්‍රමාණයක් පෝලිමේ තිබෙන බවත් ඇත්ත , අයදුම් පත්‍රය භාරගන්න විශාල ලියකියවිලි ප්‍රමානයක් ඉල්ලනවා , එහෙම කරහම මෙතනට පැමිණෙන සුදුසුකම් තිබෙන බොහෝදෙනෙක් හැරිලා යනවා , නමුත් රුපියල් 20000-30000 අතර ප්‍රමාණයක් පගාව දුන්නම මේ මොනවා නැතිවුනත් වැඩේ මස 2-3 කෙරෙනවා .
ලංකාවේ පුරවැසිභාවයක් නැති පුද්ගලයකුට නීතියනුකුලව ඍජුවම ලංකාවේ ආයෝජනය කර සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගෙන යන්න බැහැ. දැනට පවතින ආගමන නීති අනුව, අවමවශයෙන් ව්‍යාපාර සදහා බැංකු ගිණුමක්වත් ආරම්භ කරන්න බැහැ (ආයෝජන මණ්ඩල හරහා කරන මහා පරිමාණ ව්‍යාපෘති හැරුණකොට ) එමනිසා ව්‍යාපාර කරන බොහෝ දෙනෙක් වෙනත් ක්‍රම භාවිත කරන්න පෙළඹිලා තිබෙනවා , බොහෝ විට ඔවුන් බැංකු කටයුතු සිදු කරන්නේ ජාත්‍යන්තර බැංකු හරහා, එමනිසා සළකියුතු බදු ආදායමක් විදේශ විනිමයක් ලංකාවට නැතිවෙනවා , ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදේශ පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ලංකාවේ ජාතික හැදුනුම්පත් අංක නැහැ , මොවුන්ට ආදායම් බදු ලිපිගොනු විවෘත කරන්න බැහැ , මොවුන්ගෙන් සමහරෙක් ලංකාවේ ජිවත් වුණත් ආදායම් බදු ලිපිගොනු නැහැ , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතලොස්සක් අල්ලස් ගන්න කරන වැඩ නිසා ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සහ රට තුල බදු ප්‍රමාණයක් නැතිවෙන බව පෙනෙනවා .
මගේ අදහස නම් තමන්ගේ මවුපිය පාර්ශවයේ කෙනෙක් ශ්‍රී ලංකික පුරවැසිභාවය දරන ලංකාවේ හෝ විදේශ වල ඉපදුන ලංකාවේ හෝ පිටරට අපරාධ වලට සම්බන්ධ නැති කෙනෙක් ඉදිරිපත් කරන අයදුම්පත්‍රයක් මාස 6 වැනි කාලයක් තුළ සලකල බලල ඩොලර් 2000 ගාස්තුව අයකරගෙන , ඔහුට පුරවැසි සහතිකය , හැදුනුම්පත් අංකයක් , විදේශ ගමන්බලපත්‍රය යන සියලුදේය (හැදුනුම්පත් සහ විදේශ ගමන්බලපත්‍ර වලට වෙනම අධාල ගාස්තු වලට යටත්ව ) එකම දිනක එකම වහලක් යට ලබාදෙන්න කටයුතු කර ඔහුගේ අධයම්බදු දෙපාර්තමේන්තුවට අධාල ලියකියවිලිත් අත්සන් කරගෙන , අදායම් බදු ලිපිගොනුවත් සම්පුර්ණ කරගන්න පුළුවන් .
මේ ගොල්ලන් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පව්, බදු ගෙවාගන්න බැහැ. ජීවත් වෙන්න බැහැ, ආර්ථිකය ගොඩ දමන්න ලංකාවේ ආයෝජනය කරන්න යන්න කියනවා. නමුත් මොහොතක් සිතා බලන්න ලංකාවේ ඉන්න සාමාන්‍ය ජනතාවට, නිලධාරීන්ට හෝ ඔවුන් පත්කරගනු ලැබූ දේශපාලකයින්ට විදේශ ශ්‍රමික අපි ගැන ඔහොම කැක්කුමක් නැහැ. ඉස්සර ඩුවල් එකට ගෙව්වේ රුපියල් ලක්ෂයකි.. ඊළඟට එක ඩොලර් 1000 කළා... පසුගිය අවුරුද්දේ ඩොලර් 2000 කලා ලංකාවේ ඉන්න කවුරුවත් මේවාට විරුද්ධව වචනයක්වත් කතාකරාද? දෙන්න බැරි නම් ඕක රෝල් කරලා කැමැති තැනක ගහගනින්.., ඕක ගන්න කොළ පුරවාගෙන ලෝකේ පුර රස්තියාදු වෙන්න වත් එක එකට පගාව දෙන්නවත් අවශ්‍ය නැහැ... ඔක්කෝම බලාගෙන ඉන්නේ නිකන් ඉඳන් ඩොලර් ගිලින්න, ඔවුන්ට ඕනේ මගුලක් කරගන්න කියලා දුක්මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ටිකත් තියාගෙන ඉන්න රටකට වෙලා ජීවත්වෙයල්ලා, ලංකාවේ ආයෝජනය කරන්න ගියොත් බොලාගේ අතේ තිබෙන සොච්චමත් නැතිවෙනවා ... මේක මගේ අවංක අදහස...