IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන්ගෙන් ඉන්දියාවට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා මානව හිමිකම් සංවිධානයටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් යුරෝපා පාර්ලිමේන්තු සංගමයටත් අසල්වැසි ඉන්දීය රජයටත් පැමිණිලි කර ඇත.

එසේම විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබූවහොත්  ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරු පිරිසක් තීරණය  කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය තර්කය සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.

එසේම හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විදි  වරප්‍රසාද අහිමි කිරීමද අනුමත නොකරන බව ඔහු කීවේය.



අදහස් (14)

පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන්ගෙන් ඉන්දියාවට පැමිණිල්ලක්

sumith liyanage Sunday, 03 August 2025 04:24 PM

අතීතයටත් බලපාන පරිදි විශ්‍රාම වැටුප් වැඩිකරනකොට කිවුවද ඒක නීති විරෝධියි කියලා?

:       3       62

Jay Sunday, 03 August 2025 04:29 PM

කෙඳිරි නම් ගාන්න එපා...!

:       5       63

ජයරත්න Sunday, 03 August 2025 04:40 PM

මෙයාලාට අස්වැසුම දෙන්න.

:       5       59

සෑම් Sunday, 03 August 2025 05:02 PM

රට කාබාසිනියා කරලා බංකොලොත් කරලා නැති බංගස්ථාන කරන්න ඍජුවම සම්බන්ධ එවුන් එකමිටට තවත් කන්න ඉල්ලනවා. මොවුන්ට ගෙවපු පැන්ෂන් එකත් ආපහු ගන්නයි තියෙන්නේ....!

:       7       59

nihal Sunday, 03 August 2025 05:21 PM

පිනට කකා බිබී ඉන්න පුරුදු වෙලා... කාලකණ්ණි පින්ගුත්තරයෝ...

:       5       51

fairoos Sunday, 03 August 2025 05:23 PM

ඔහේම නීතියක් හදාගත්තේ ඔයාලම නේද? අතීතයට බලපාන්න ඕනේ නැහැ අනාගතයටම වගේ වියදම් ඕනේ නැහැ...

:       4       40

ගුණරත්න Sunday, 03 August 2025 06:38 PM

ආණ්ඩුවේ උත්සාහය චීන ක්‍රමයේ කොමියුනිස්ට් පාලනයක් හදන්න... තනි පක්ෂ ආණ්ඩුවක් තියෙන පක්ෂයේ ප්‍රධානියා ආණ්ඩුවේත් ප්‍රධානියා වෙන විදියේ, ඒකේ මුල් පියවර තමයි විපක්ෂයේ දේශපාලනය අවහිර කරන එක. වැටුප අහිමි කළාම සාමාන්‍ය මනුස්සයෙක්ට දේශපාලනය කරන්න බැහැ. ධනවත් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර වෙනත් අයෙක්ට පවරලා දේශපාලනයට එනවා අඩුයි. ඉතින් වෙන්නේ ආණ්ඩුවේ පැලවත්ත අරමුදලෙන් යැපෙන අය ටික විතරක් දේශපාලනය කරන එක. මේක ඉතාම නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්...

:       43       12

Rata PerataMonday, 04 August 2025 11:47 AM

පේනවනේ කුලියට ලියනකොට වෙන දේ... දැන් හැම අදහසකටම 90% ක් විරුද්ධයි. ඒක ලියනවා. එක්කෝ යමක් තේරුම් ගන්න දැනුමක් නෑ. නැතිනම් සල්ලි දුන්නු කෙනා ඉන්න දෙන්නේ නෑ.

:       1       3

Perera Sunday, 03 August 2025 09:25 PM

ඉන්දියාවෙන් මූන්ට හම්බවෙයි බොම්බේ ලූණු ගෙඩියක්.

:       1       9

පිස්සු යකෙක් Monday, 04 August 2025 01:50 AM

තාම පටන් ගත්තා විතරයි .ඉස්සරහට තමා හොද හොද සෙල්ලම් තියෙන්නේ රජ පවුලක් කියලා හිතාගෙන රටේ සම්පත් කාපු එකා ගානේ නීත්‍යානුකූලව හිරේට යද්දී තමා දවල් තරු පේන්නේ

:       2       7

Kumasaru Monday, 04 August 2025 04:47 AM

මෙම විශ්‍රාම වැටුප ඉන්දීය රුපියල්වලින් දිගටම පවත්වාගෙන යාමට ඉන්දීය රජය අනුමැතිය දෙනු ඇත, නිසැකවම!!

:       1       8

maalaka Monday, 04 August 2025 05:54 AM

ජනතාවගේ බදු මුදලින් යැපෙන නිකමුන් . ඔය එක්කෙනෙක් රටට කළ දෙයක් කියන්න. මගේ පියාව අවුරුදු 37ක් රටේ විවිධ ස්ථාන වල පාලන සේවය කරලා ලැබුනේ රුපියල් 40,000 වගේ මුදලක්. මේ අය අවුරුදු 5ට 68,000. නරක නෑ, හොඳ බිස්නස්.

:       2       11

ප්‍රේමරත්න Monday, 04 August 2025 10:32 AM

ඇයි ඉන්දියාවට කියන්නේ? ලංකාව ඉන්දියාවේ කොටසක්ද?

:       2       11

pakeer Monday, 04 August 2025 11:08 AM

මේක හොඳ තීරණයක්. දෙන්න එපා ඕකුන්ට විශ්‍රාම වැටුප . මේ වැඩෙන් නිකම්ම දේශපාලනයට එන එක නවතිනවා. මේවා කරන්න තමයි අපි JVP එකට චන්දෙ දුන්නෙ. ලබන සැරේත් මම චන්දෙ දෙන්නෙ JVP එකටම තමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site