
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා මානව හිමිකම් සංවිධානයටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් යුරෝපා පාර්ලිමේන්තු සංගමයටත් අසල්වැසි ඉන්දීය රජයටත් පැමිණිලි කර ඇත.
එසේම විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබූවහොත් ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය තර්කය සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.
එසේම හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විදි වරප්‍රසාද අහිමි කිරීමද අනුමත නොකරන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයටත් බලපාන පරිදි විශ්‍රාම වැටුප් වැඩිකරනකොට කිවුවද ඒක නීති විරෝධියි කියලා?
කෙඳිරි නම් ගාන්න එපා...!
මෙයාලාට අස්වැසුම දෙන්න.
රට කාබාසිනියා කරලා බංකොලොත් කරලා නැති බංගස්ථාන කරන්න ඍජුවම සම්බන්ධ එවුන් එකමිටට තවත් කන්න ඉල්ලනවා. මොවුන්ට ගෙවපු පැන්ෂන් එකත් ආපහු ගන්නයි තියෙන්නේ....!
පිනට කකා බිබී ඉන්න පුරුදු වෙලා... කාලකණ්ණි පින්ගුත්තරයෝ...
ඔහේම නීතියක් හදාගත්තේ ඔයාලම නේද? අතීතයට බලපාන්න ඕනේ නැහැ අනාගතයටම වගේ වියදම් ඕනේ නැහැ...
ආණ්ඩුවේ උත්සාහය චීන ක්‍රමයේ කොමියුනිස්ට් පාලනයක් හදන්න... තනි පක්ෂ ආණ්ඩුවක් තියෙන පක්ෂයේ ප්‍රධානියා ආණ්ඩුවේත් ප්‍රධානියා වෙන විදියේ, ඒකේ මුල් පියවර තමයි විපක්ෂයේ දේශපාලනය අවහිර කරන එක. වැටුප අහිමි කළාම සාමාන්‍ය මනුස්සයෙක්ට දේශපාලනය කරන්න බැහැ. ධනවත් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර වෙනත් අයෙක්ට පවරලා දේශපාලනයට එනවා අඩුයි. ඉතින් වෙන්නේ ආණ්ඩුවේ පැලවත්ත අරමුදලෙන් යැපෙන අය ටික විතරක් දේශපාලනය කරන එක. මේක ඉතාම නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්...
ඉන්දියාවෙන් මූන්ට හම්බවෙයි බොම්බේ ලූණු ගෙඩියක්.
තාම පටන් ගත්තා විතරයි .ඉස්සරහට තමා හොද හොද සෙල්ලම් තියෙන්නේ රජ පවුලක් කියලා හිතාගෙන රටේ සම්පත් කාපු එකා ගානේ නීත්‍යානුකූලව හිරේට යද්දී තමා දවල් තරු පේන්නේ
මෙම විශ්‍රාම වැටුප ඉන්දීය රුපියල්වලින් දිගටම පවත්වාගෙන යාමට ඉන්දීය රජය අනුමැතිය දෙනු ඇත, නිසැකවම!!
ජනතාවගේ බදු මුදලින් යැපෙන නිකමුන් . ඔය එක්කෙනෙක් රටට කළ දෙයක් කියන්න. මගේ පියාව අවුරුදු 37ක් රටේ විවිධ ස්ථාන වල පාලන සේවය කරලා ලැබුනේ රුපියල් 40,000 වගේ මුදලක්. මේ අය අවුරුදු 5ට 68,000. නරක නෑ, හොඳ බිස්නස්.
ඇයි ඉන්දියාවට කියන්නේ? ලංකාව ඉන්දියාවේ කොටසක්ද?
මේක හොඳ තීරණයක්. දෙන්න එපා ඕකුන්ට විශ්‍රාම වැටුප . මේ වැඩෙන් නිකම්ම දේශපාලනයට එන එක නවතිනවා. මේවා කරන්න තමයි අපි JVP එකට චන්දෙ දුන්නෙ. ලබන සැරේත් මම චන්දෙ දෙන්නෙ JVP එකටම තමයි.