
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇඳගෙන යෑමේදී එහි පසු පස කොටස ගිලෙන තත්වයක් උද්ගත වීම නිසා පානදුර සිට කොච්චිකඩේ දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.
නෞකාව තුළින් කිසියම් පිපිරීමක් සිදුවුවහොත් ඉන් ධීවරයන් ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගෙන ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ගිනි ගැනීම නිසා නැවේ ඇති යකඩ පාවි ගොස් ධීවර බෝට්ටුවල ගැටීමෙන් යමි අනතුරක් සිදුව හැකි බව ද ධීවර අමාතයංශය දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සර් පළමු තැනට කීවා. නැවේ ගින්න නිවන්න කියලා.. ඒක කරනකොට ගින්න තව වැඩිවුණා. ඊට පස්සේ කිව්වා නැව ගැඹුරු මුහුදට ගෙනියන්න කියලා. ඒක කරනකොට නැව ගිලෙන්න යනවා. මොකද මේ අපේ සර්ට වෙන්නේ?