(යොහාන් භාසුර)
තිරිඟු පිටි (පාන්පිටි) මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරි සතියේ බේකරි සහ හෝටල් එකතුව සියලුම නිෂ්පාදන අත්හිටුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි නිෂ්පාදන සඳහා සියලුම අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා කුඩා සහ මධ්‍ය පරිමාණයේ බේකරිවලින් වැඩි ප්‍රතිශතයක නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් රුපියල් 4000 කට අඩුවෙන් පැවැති පාන්පිටි මිටියක් රුපියල් 12,000 කට සහ කිලෝ 37.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 20,000 පමණ වී ඇති බවත් ජයවර්ධන මහතා කීය.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 30 ක් පමණ සපයන සමාගම පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති බවත් සමාගම් කීපයකට පිටි මිල පාලනය කිරීමට රජය වහාම මැදිහත්වයි යුතු බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එහෙම නම් පාන්, බනිස් නවත්වලා බලමු සතියකට ඔයාලා නවත්වන්න අපි හැමදාටම නවත්වනවා.. සිමෙන්ති, ඇණ ගත්තා වගේ තමයි ඔයාට වෙන්නෙත්... දැන් කිරිපිටි විකිණෙනවාද? නැහැනේ ජනතාව ප්‍රබලයි. ඒ නිසා වැඩිය දඟලන්න එපා අළුවෙයි පාන්, බනිස්...!
අපේ ඩීල් අගමැති කිව්වේ තුන්වේලක් කන්න පුළුවන් විදිහට වැඩ කරනවා කියලා. බය වෙන්න දෙයක් නැහැ.
ලංකාවට යුරෝපා රටවලින් සංචාරකයින් ගෙන්වන ටිකට් විකුණන ආයතන ඒ රටවල්වල බොහෝමයක් තියෙන්නේ දෙමළ අයට..! ඉතින් මොනකථාද..? මේ තියෙන තත්වය මත ඒ අය යන්න එපා කියනවා ලංකාවට... ස්විස් රටේ මානව හිමිකම් තැනට හරීන්, මනුෂ දෙන්නාම ගියා නේද මීට මාස කිහිපයකට කලින්...! ඔන්න ඒ වාගේ විපාක..! අපේ අය කටින් මයිනා ගෝඨාට කියලා සද්ද දාලා කටවල් වලින්ම ගැහුවාට පිටරට ඉන්න දෙමලු දැන් ලංකාවට ගහන්නේ රටට උනන ඩොලර් වලට ..! කොහොමද දෙමළුන්ගේ ඩොලර් මොලෙන්.... අපේ බෙදුණු සිංහලයාගේ මැටිකලේ මොලේ බිඳපු හැටි..!