
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට බාරගත් ගෙන මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවිප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි රජයට හිතවත් පාර්ශව කරුණු දක්වා තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි නියෝග කොට ඇත.
පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා බලයක් නැතුව කොහොම හිටියද ,134 තියාගෙන
උත්සව පවත්වන්නවෙයි වහ කන්න වෙලා තියෙන්නේ
ඔබතුමාට බොහොම ස්තුතියි ..... රට සාමාන්‍ය කලට
කවුරු රට කළත් ඉන්නවනේ... කඩේ ගිහින් ඔය වගේ යෝජනා දාලා රට තවත් කන්න බලන් ඉන්න කට්ටියක්...
හොර පාරෙන් ආපු අයට මොන උත්සවද? ලැජ්ජයිනේ?
හොරු ආරක්ෂා කරන්න පින් ජනපතිකම අරගෙන පදවිප්‍රාප්ත උත්සව ගැනත් කතා කරනවා.
මොන උත්සවද? කිසිම ජනවරමක් නැතුව 134 දෙනාගේ මනාපෙන් පිනට පත්වෙච්චි පින් ජනපතියෙක් නේ?
ගෑස් ගන්න නම් ලෝක බැංකුවෙන් ලොකු ඩොලර් ආධාරයක් දුන්නා, තෙල් ගේන්න පුළුවන් වුනේ විදේශීය, ණය, බැඳුම්කර ගෙවන එක නවත්තපු නිසා... එතකොට රනිල් කරේ මොකක්ද?
මේ වගේ කතා... කියන අයට මොලේ අමාරුවක්ද. නැතිනම් වෙන අමාරුවක්ද කියලා. හොයලා බලන්න ඉල්ලා අස්වෙන්න කියලත් ගියේ නැහැ. රට බංකොළොත්. තවත් යන්නේ අගාථයට. හොරු නිදැල්ලේ නීතිය බල්ලට ගිහින්... කුඩු නැති තැනක් හොයන්න පුළුවන්ද? මේ රටක් පාලනය කරන හැටිද? උත්සව නෙමේ තියන්න ඕනෑ අත් අඩංගුවට ගන්න ඕනෑ. බලු, කපුටු දානයක් දෙන්න. හොරුන්ට.... මෙයාව ලොකු උගතෙක් මොකද ගොබ්බයෝ නිසා. උගතුන්ට මොවුන්ව පේන්නේ.... මිහරක් රෑනක් සේ. මුලු ලෝකය වටේම ජරා කරනවා.
ඒ මොකද ?එලියට පහලියට එන්න බයද ?
හාම් පුතාගේ ගෑනිව වත්තෙ මුරකාරයගෙ උදව්වෙන් පන්නන් ගියපු එකාට මොන වෙඩින් ඇනිවසරිද බම්