IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පද්මේගේ ඝාතන ඇතුළත් රහස් වාර්ථාව අධිකරණයට

(රෝෂන් තුෂාර)

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරට රඳවා ප්‍රශ්න කෙරෙන මන්දිනු පස්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, ගනේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බවට වන රහස් වාර්තාවක්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධාංශය අද ඉදිරිපත් කළේය.

ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 90ක් රඳවා ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ යන අය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන මගින් මෙම වාර්තාව ඉදිරිපත් කරන බවද පැවසීය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  අදාළ සැකකරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නිරීක්ෂණයක් සිදුවී ඇත්දැයි විමසා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් තබා ඇති බවත්,අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය.

නඩු වාර්තාව සේප්පුවේ බහාලීමට නියෝග කරන ලෙස ද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාළ නඩු වාර්තාව සේප්පුවේ තැබීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝම්බර් 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

පද්මේගේ ඝාතන ඇතුළත් රහස් වාර්ථාව අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site