
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වන පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයාව සිටි විජිත හේරත් මහතා ඉන් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්විය
විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලි බලමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරූ සියලු වගකීම්වලින් ඉවත්ව, නාවල පිහිටි නිදහස ජාතික සභා කාර්යාලයට පැමිණ නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එහි සාමාජිකත්වය ලබාගත්තේය.
නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්ප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතීඥ උදයන කිරිදිගොඩ, ලලිත් එල්ලාවල, වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතක වුණු ගුණමකුවන් අත්හැරීම ගැන සතුටු වෙමි. විජිත හේරත් මහත්මයාණෙනි, ජය වේවා..!
ඇමතිකම් නොලැබුනු යන එන මන් නැති හාල්පාරුවන්ගේ සබාවක් වගේ?