(චන්දන ප්‍රනාන්දු සහ ආර්.ප්‍රනාන්දු පුල්ලේ)
කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.
එම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.
ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර එයට විරෝධය දක්වා ස්වාමීන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් කොස්වත්ත පොලිසිය වටකර විරෝධතාවක් ආරම්භ කර තිබේ.
කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ට කරදර නොකර සියලු ජනතාව, එක්ව සිට දේශපාලුවන්ට ගල් ගහන්න. මුන් තමයි මේ සේරටම මුල...
අන්තවාදීන් ගැටුම් ඇතිකර ඔවුන්ට වාසියක් ඇති කරගන්න ක්‍රියාත්මක කර ඇති නිසා එම උපක්රමයට අහු නොවී බුද්ධිමත්ව, ඉවසීමෙන් කටයුතු කළ යුතු වේලාවක්...
මේ ප්රශ්නය විසඳාගන්න පාලකයින්ට වුවමනාවක් නොමැතිකමද එහෙමත් නැත්තම් නොහැකියාවද? මේ රට නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
ඇතැම් චීවර දරන්නවුන් වෙන්නැති එහෙනම් මේ වැඩ කරන්න ඇත්තේ...
මංගල සමරවීර කිව්වා ලංකාව බෞද්ධ රටක් නොවේ කියලා. නියම බෞද්ධයන් මිනිසුන් මරන්නේ නැහැනේ... මිනීමරුවන් අත්අඩංගුවට ගත්විට හාමුදුරුවන් යයි කියාගන්නා පිරිස් උද්ඝෝෂණ කරනවා නම් ඔවුන් බෞද්ධයයි කියන්නේ කෙසේද?
ඔය කියන ස්වාමීන් වහන්සේ කිසියම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් වෙන්න ඇති ඒ පක්ෂය කුමක්ද සොයා ඒ ගැන නායකයාට කියන්න. නායකයා මගහරින්නේ නම් තොරතුරු දැනගැනීම යටතේ රටටම කියන්න.
23 ක් කිසිම දෙයක් නොකරපු මිනිස්සු හදිස්සියේ කලකෝලාහල කරන්න පටන්ගත්තේ කාගේ උවමනාවකටද ??
තඹ ෆැක්ටරියේ සේවකයන් නිදහස් කරේ සන්හිඳියාවට බාධා වෙන නිසාද?
මෙවැනි උද්ඝෝෂණයන්ට භික්ෂූන් වහන්සේලා සෘජුවම හා ප්‍රසිද්ධියේ සහභාගී වීම මඟින් වෙන්නේ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට ආගමික මුහුණුවරක් ලැබීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා බෞද්ධයින්ගෙන් සිදුවන බවට වැරදි චිත්‍රයක් මැවීමයි. දැනටත් එය සිදු වෙමින් යනවා. ඒත් මෙම ප්රචණ්ඩ ක්‍රියාවන්ට සිංහල සමාජයෙන්ම එරෙහිව නැගුණු හඬ වගේම මුස්ලිම් අන්තවාදයට එරෙහිව මුස්ලිම් සමාජයෙන් ප්‍රබල හඬක් නොනැගීමත් අවධානයට ලක් කළ යුතු දෙයක්.
අත්අඩංගුවට ගන්නේ සිංහල අය විතරද? අර බරපතල තුවාල ලබපු සිංහල මනුස්සයට කඩුවලින් පහර දුන්නේ පිට සක්වල ජීවින්ද?
මට තියන ලොකුම ප්රශ්නය තමයි, අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලා තාමත් හැදෙන්න බැරි ඇයි කියලයි.
ප්රශ්නයේ මූළය උපුටා නොදමමින් බොරුවෙන් සහ කපටි කමින් ජනතාව මුළා කිරීමේ ආදීනව උදාවී ඇත.
මෙවන් අවස්ථාවලදී ජනතාව හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩදිය යුතුයි. මෙවන් සිදුවීම් ඇතිවනවිට ආරක්ෂක අංශ වලට සිය අවධානය ඒ වෙත යොමු කිරීමට සිදුවෙයි. එය ත්රස්තවාදීන්ට වාසියක් නොවන්නේ යැයි කිව හැකිද? රටේ පාලකයන් බලකාමයෙන් අන්ධ වී සිටියත් ආරක්ෂක හමුදාවන් එසේ නොවේ... ඔවුන් සිය යුතුකම් මනාව ඉටු කරමින් සිටිති... එබැවින් ජනතාව ඔවුන්ට සහාය විය යුතුයි...