(මනෝප්‍රිය ගුණසේකර)
කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නඩුවේ සෙසු විත්තිකරුවක් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා වීරසාමී අලගේස්වර විශ්වනාදන් හා තුවාන් අසීස් රාමනාදන් නමැති විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා මොහොමඩ් නජීම් හා කොලින් වීරන් නමැති විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළේය.
2022 අගෝසතු 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුව ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිග්ගයියා නඩේශන් නැමැත්තා කපාකොටා ඝාතනය කළ බවට විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.
කොණ්ඩා කපන ස්ථානයකදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව විත්තිකරුවන් විසින් නඩේශන් නැමැත්තා පිහහි වලින් කපාකොටා ඝාතනය කර ඇතැයි නඩු විභගයේදී කරුණු අනාවරණය විය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ විශ්ව විජේසූරිය මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd