
(තුසිත කුමාර ද සිල්වා)
පිටිගල නියාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර අලුත්ගම ලැගුම්හලක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවියත් සමඟ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි.
පිටිගල පොලිස් වසමේ නියාගම ප්‍රදේශයේ දී පසුගිය තුන් වන දින මනුෂ්‍ය ඝාතනයක් කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද ( 9 ) පස්වරුවේ අලුත්ගම වැලිපැන්න පාරේ ලැගුන්හලක සැඟව සිටියදී ඝාතනය සිදු කළ ගිනි අවිය සමග අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කියයි
ඉකුත් තුන්වන දින නියාගම ප්‍රදේශයේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී යුදහමුදාවෙ සේවය නියුතුව සිටි බව කියන යුධ සෙබලෙක් වන පොලියට මුදල් ගනුදෙනු සිදු කරන පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව පොලීසිය කියයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අලුත්ගම නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකට ඉකුත් හත් වන දින පැමිණ ලැගුම්ගෙන සැඟව සිටියදී අලුත්ගම පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඝාතනයට සම්බන්ධ 28 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 36 හැවිරිදි තවත් අයෙකු මෙම වෙඩි තැබීම සිදුකළ බව කියන විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 කානු දෙකේ ගිනි අවිය ද සමග අද පස්වරුවේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ ජංගම දුරකථන පහක් සහ රුපියල් 12,500 මුදලක් ඇතුළු නඩු භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිටිගල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් දෙදෙනාගේ එක් අයෙකු යුධ හමුදාවේ හිටපු සෙබළෙක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදර ගම , අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුශවිතාන, පොලිස් සැරයන් ප්‍රේමසිරි (58560) පොලිස් කොස්තාපල්වරුන් වන සමීර (73819) චාමර (91171)රුද්‍රිගෝ (101905) යනමහත්වරු ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් සැකකරුවන් සමග වෙඩි තැබීම සිදු කළ ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd