
(කාංචන කුමාර ආරියදාස)
පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සියයට අනූවක් පමණ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ යුද හමුදාව නාමයන් භාවිතා කරමින් ධාවනයේ යෙදෙන බව අද දින සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව උතුරුමැද සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි .
උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දඹුල්ල පොලිසිය එක්ව දඹුල්ල නගරයේදී පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ පරීක්ෂාවට ලක් කළේය.
බස්රථ බොහෝමයක කල් ඉකුත් වූ අවසරපත්‍ර ,හා විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානින්ල බාදී ඇති ලිපි ආදී පෙන්වමින් මගින් ප්‍රවාහන ය කර ඇති බව එහිදී අනාවරණය වූ බව ද වාර්තා වෙයි.
විශේෂයෙන් බස්රථ වෘත්තීය සමිති නායකයන් ගේ බස් බස්රථ මෙසේ නීති උල්ලංඝණය කරමින් පළාත් අතර මගී ප්‍රවාහනයේ යෙදෙන බවත් . බස්රථ රැසකම කොළඹ ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල, අවසරලතත් රාජ්‍ය සේවකයන් ප්‍රවාහනය ,යුධ හමුදා නිලධාරින් ප්‍රවාහනය ,ආදී නම් ප්‍රදර්ශනය කරමින් ඉතා සූක්ෂම ලෙස විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන් ගෙන් ලබා ගත් ලියකියවිලි පෙන්වමින් ධාවනයේ යෙදෙන බව අනාවරණය කර ගැනීමට පරීක්ෂක කණ්ඩායමට හැකි විය
ඇතැම් බස්රථ කොන්දොස්තරවරුන් සහ රියදුරන් සදහන් කළේ තම බස් රථ හිමියන් මෙම ලියකියවිලි සකසා ලබාදී ධාවනය කරන ලෙස ඉල්ලා සිටි නිසා තමන් රැකියාව කරන බවය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදිනෙදා හම්බ කරගෙන කන මිනිසුන් එහෙම කරන්නෙ. රට වහන්න වහන්න කියලා කෑ ගැහුවට මේවා ප්‍රශ්න . අපි අපි ආරක්ෂා විය යුතුයි .