
(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට උපදෙස් දෙනු ලැබීය.
පෞද්ගලික බස් රථ හිමියන් සහ ප්‍රවාහන බලධාරීන් සමඟ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්හට මෙම උපදෙස් දෙනු ලැබීය.
බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබාදීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම, බලපත්‍ර රහිතව ආයතන සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම,ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට අවසර දී ඇති බැවින් එම අවසර ලබාදීමේ ක්‍රමවේදය ඒ්කාබද්ධව සකස්කර පෞද්ගලික බස් ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන් අමාත්‍යවරියගේ අවධානය යොමු කරනු ලැබීය.
මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළාය.
සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් උපරිම සහනයක් ලබාදීමට තමා කටයුතු කරන බවත් කිසි විටෙකත් පෞද්ගලික බස් කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංහ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම යන මහත්වරුන් සහ පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd