(මහින්ද නිශ්ශංක)
දැනට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් රටපුරා සියලු පෞද්ගලික බස්රථ අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
මේ අතර රතන හිමියන්ට සහාය පළකරමින් මීගමුව, අලුත්ගම ඇතුළු ප්‍රදේශ රැසක පෞද්ගලික බස්රථ අද (3) උදේ සිට ධාවනයෙන් ඉවත්ව තිබෙන බව බස් සංගම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාවනයෙන් ඉවත් උනා කියන්නේ උපවාස කරනවා වගේ තමයි
මේවගේ දේවල් වලින් රිදෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. ඔය ආණ්ඩුවේ එකෙක් බස්වල යනවද? එහෙම නැතුව ආණ්ඩුවේ මැති අැමැතිලාට දැනෙන දෙයක් කරන්න...
මොකක් වුනත් එදා වේල හොයාගත්තම සැනසෙන සිංහල ජාතිය පෝඩ්ඩක් කට වහගෙන ඉන්න. පුද්ගලික බස්වල සාමාන්‍ය මිනිස්සු යන බව ඇත්ත. ඒත් ජාතියක් විදියට මේ වගේ දේකට පෙල ගැහෙන්න. නැත්නම් තියන එකක නැගලා නුවරටවත් යන්න කියව කියව ඉන්නේ නැතුව..
මේක ඉතා හොඳ තීරණයක් බොහොමයක් බස් අබලන්... ලොරි චැසි උඩ සවිකර ඇති මේ බස් මගී ධාවනයට සුදුසු නැහැ..
මෝඩ තීරණයක්. අහිංසක මිනිස්සු මහපාරේ අතරමන් උන එක තමා අන්තිමේදී වුනේ..