
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලය සහ හලාවත ප්‍රදේශවල පදිංචි 41 සහ 44 වයස් වල පසු වන හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ආංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අනුව මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
2010 වසරේ ජූලි මාසයේ දිනක එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිරිකුණාමලයය නාවික කඳවුරේ භූගත සිර මැදිරියක රඳවා තබා අතූරුදන් කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු නිලධාරිනියන්ක උනාට කරලා තියෙන වැඩ නම් සුළු නොවේ වගෙයි
මේව නම් අපේ විරෝධාර රණවිරුවන් දඩයම් කිරීමේ ලක්ෂණ. කොටි ඩයස්පෝරාව සමඟ එකගෙයි කනකොට මේවගේ දේවල් වෙනවා. දැන් ඩෝබිලාට තද වෙලා එයි කුණුහරුප කියාගෙන. ඒ එයාලගෙ හැටි
කරන්න ඇත්තේ ඉහළ නියෝගයකට විය හැකියි . නියෝග දුන් පුද්ගලයා සොයා නීතිය ක්‍රියා කරනු ඇතැයි සිතමි
නීතියේ හිල් නිසා අණ දුන් උන් නිදැල්ලේ. මේකට වෙන්න ඇති පහත් තැනින් යයි ගලා ජලේ කියන්නේ.
සට්ටැබියයො එන්න .සෝදන්න සෝදන්න .