
පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි.
යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි.
තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.
‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ.
මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආකාරයකින්වත් තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්න කිසිම ඉඩක් දෙන්නේ නැති "ග්‍රහයෝ" නම් ඕනෑතරම් මේ රටෙන්ම හොයාගන්න පුළුවන්...
මළකෙළියයි!! දැන් ඉතින් කේන්දරේ ඔය ග්‍රහයා දාන්න තැනක්...? ඒ වැඩේ නම් දේශ පාලුවෝ අපූරුවට කරාවි...!
අපිටත් ඉදතැතිකි ද? එත් ඔස්සිජන් තියනවා ඇති නේද?
පෘථිවිය දින 365 කුත් පැය ගණනක් තරුවක් (සූර්‍යයා) වටා යාමට ගතකරනවා අලුත් ග්‍රහලොව දින 12 කට වරක් ග්‍රහ ලොව සුර්යා වටේ යනවලු ඉතින් ලෝක දෙක සමාන වෙන්නෙ කොහොමද
ඔය ග්‍රහලෝකයට යන්න අපේ මැදමුලන රොකට් ග්‍රහයා බලවත් උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වෙනවා..පවුලේ කට්ටිය ඕකට ආයෝජනය කරනවාලු
අලුත් ග්‍රහයා තිබෙන්නේ අපේ ග්‍රහලෝකයේද? නැතිනම් වෙනත් ග්‍රහලෝකයකද?
මේ විශ්වයේ සොයානොගත් තාමත් විද්‍යාඥයින්ට හිසරදයක් වුණු විශ්වයේ බිහිවීම, පැවැත්ම ආදිය අදටත් ගැටළු සහගතයි. සමහරවිට අනාගතයේ පුළුවන් වෙයි... බැරි වෙන්නත් පුළුවන්...!
කවදාවත් කිසිම මිනිහෙක්ට යන්න තියා හිතන්නවත් බෑ. ආලෝක වර්ශයක් කියන්නෙ තත්පරයකට ආලෝකය ගමන් කරන දුර. වගේ 365 ගුනයක්. ඒ කියන්නෙ 300000km x 60 x 60 x 24 x 365
චිචියාගේ රොකට් එක එහේ ගිහිල්ලාවත්ද?