IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාතාලය හෙල්ලූ ඉන්දුනීසියාවේ මෙහෙයුම|වීඩියෝ

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත.

ඉන්දුනීසියාවේ මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂිත පොලිස් නිලධාරීහු සැකකරුවන් රැදී සිටි ඉන්දුනීසියාවේ ජකර්තාහී කෙබොන් ජෙරුක් ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාසය වැටලූ අවස්ථාවේදී පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ සහ පානදුරේ කුඩු නිලංග එම සුපිරි මහල් නිවාසයේ පහළ මහලේ සිටියදී පොලිසිය සැකකරුවන් බිම පෙරළා අත්අඩංගුවට ගන්නා අයුරු වීඩියෝවේ දැක්වේ.

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාලයන් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහා මෙරටින් ඉන්දුනීසියාව බලා පිටත් වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන්ගේ අවේක්ෂණ තොරතුරු මත ඉන්දුනීසියාවේ පොලිසිය වැටලීම කිරීම සදහා සැලසුම් සකස්කරන අයුරුද එම වීඩියෝවේ දැක්වේ.

අනතුරුව සැකකරුවන් රැදී සිටින සුපිරි මහල් නිවාසය අසලට නිලධාරීන් යන අවස්ථාවේද පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ සහ පානදුරේ කුඩු නිලංග නැමැත්තන් එම මහල් නිවාසය ඉදිරිපිට සිටින අවස්ථාවේදී ඉන්දුනීසියානු පොලිසිය අත්අඩංගුවට ගන්නා අතර අනතුරුව කුඩු නිලංග රැගෙන ඔවුන් රැදී සිටින මහල් නිවාසයට රැගෙන යනු ලැබීය.

පසුව එම නිවෙසේ දොර විවෘත කර පොලිස් නිලධාරීන් නිවෙසට ඇතුළු වන විට කමොන්ඩෝ සලින්ත නැමැත්තා කෑම පිළියෙළ කරමින් සිටින අතර එහිදී ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහු අසල සිටි බැකෝ සමන් නැමැත්තා අත්අඩංගුවට ගත් පසුව කළ සොයාබැලීමකදී සරමක් හැද සිටි තැඹිලි ලහිරු නැමැත්තා ද එරට පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු එහි දැක්වේ.

පසුව බැකෝ සමන්ගේ බිරිය ද අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර ‘ඔබගේ සැමියාගේ නම මොකක්ද?, ඔබ ළග ඔහුගේ ජාතික හැදුම්පත තිබේද? යන්න නිලධාරියකු විසින් විමසන අතර පසුව ජංගම දුරතනයේ තිබී ඇය දෙසට ඡායාරූපයක් පෙන්වමින් ‘මේ ඔබගේ ස්වාමිපුරුෂයාද?  යනුවෙන් ප්‍රශ්න කරන අතර ඔබව කාර්යාලයට රැගෙන යන බවද පොලිසිය පවසන ආකාරය දැක්වෙන අතර අනතුරුව සැකකරුවන් පිරිස ජකර්තා පොලිසිය වෙත රැගෙන යන අයුරුද එම වීඩියෝවේ දැක්වේ.

අනතුරුව ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කණ්ඩායම සැකකරුවන් වාහනවලට නංවාගෙන මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත රැගෙන එන අයුරුත් පසුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එන අයුරුත් එම වීඩියෝවේ දැක්වේ.



අදහස් (5)

පාතාලය හෙල්ලූ ඉන්දුනීසියාවේ මෙහෙයුම|වීඩියෝ

maalaka Wednesday, 10 September 2025 07:46 AM

ඉන්දුනිසියානු පොලිසියට අපගේ හදපිරි ප්‍රණාමය

:       0       2

vipakshe ekamuthuva Wednesday, 10 September 2025 08:41 AM

පත්මේ මල්ලි වහා නිදහස් කරනු

:       0       1

janahitha Wednesday, 10 September 2025 08:59 AM

නොදකින් කුඩු අයිස් වලින්ද ගෙදර තලප, හැලප, පිට්ටු හදන්නේ?

:       0       2

nelum mala Wednesday, 10 September 2025 09:00 AM

අයිස් ගෙනාපු අයට සමාජයක් නැහැ, මුහුණ දෙන අද තත්ත්වය එහෙමයි.

:       0       1

ekabadda vipakshe Wednesday, 10 September 2025 09:45 AM

වහාම පද්මේ මහතා ඇතුළු සිරකරුවන් නිදහස් කරණු, දේශපාලන පලි ගැනීම නවත්වනු.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site