IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාතාලයේ කෙරුම් ඇමැති බලයි

(යොහාන් භාසුර)

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම්දී පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී මාර්ගවලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බස් රථ සහ කාර් රථ ඇතුළු වාහන රැසක් අමාත්‍ය ටිරාන් අලස් මහතා පරීක්ෂා කළේය.

මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරදී අමාත්‍යවරයා මෙම වාහන නිරීක්ෂණය කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (12)

පාතාලයේ කෙරුම් ඇමැති බලයි

සමන් Saturday, 23 December 2023 10:29 PM

ජනාධිපති ආර්යාවත් ඇවිත්නේ...!

:       0       8

මාගල Sunday, 24 December 2023 04:03 PM

මොන ආර්යාවද, කෝ කොහේද?

:       0       0

ගමේ එකාලා Saturday, 23 December 2023 10:34 PM

මත්ද්‍රව්‍ය, පාතාලේ මර්දනය කරන්න තිබුණේ මීට කලින්? දැන් රට පුරා ඔඩු දුවලා. පාසල් ළමයි පවා ඒවාට ඇබ්බැහි වෙලා. මහ අය කොහොමටත් බේරෙනවා.

:       0       6

Aruna Sunday, 24 December 2023 04:36 AM

තවත් මාධ්‍ය සංදර්ශනයක්... නීතිය ක්‍රියාත්මක කරලා වැරැදි කරුවන්ට දඬුවම් දෙන්න. වැඩ බලන පොලිස්පති බස්නාහිර පළාත භාර ජේෂ්ට පොලිස්පති කාලේ වැඩ කරලා නෑ වගේ...

:       0       6

sam Sunday, 24 December 2023 06:56 AM

ටිරාන් අලස් අධ්‍යක්ෂණය කරපු, දේශබන්දු තෙන්නකෝන් ප්‍රධාන නළුවා වෙච්චි මේ නාටකයේ පිටපත ලිව්වේ කව්ද කියලයි මම මේ කල්පනා කරන්නේ? කොහොම වුණත් තවත් අසාර්ථක නාටකයක් බව නම් පැහැදිලියි...!

:       1       6

පුරවැසියෙක් Sunday, 24 December 2023 08:18 AM

ඇමැතිතුමාට මේ අපරාධ මැඩලීම ඉදිරියටම කරගෙන යන්න ශ්‍රී ලාංකික අපගේ ආශීර්වාවාදය. රට පාලනය කෙරුවේ කුඩ්ඩෝ. ඔවුන්ට බයේ තමයි ඉන්න වෙලා තිබුණේ. එදාවේල කන්න නැතුව අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට මේ අපරාධ කාරයෝ නිසා මර බියෙනුත් ඉන්න වෙලා අල්ලන්න බයේ හිටපු පාතාලයෝ ඔය අල්ලන්නේ අපූරුවට... ජය නියතයි. ඉදිරියටම...

:       3       6

Perera Sunday, 24 December 2023 08:40 AM

ලංසාගේ හෝටල් අත්පත් කරගන්නේ කවද්ද?

:       0       9

sachith Sunday, 24 December 2023 08:47 AM

මේවා ලංකාවේ පාතාලයින්ට හොඳ පාඩම්, දේපළ රාජසන්තක කරන්න බැරි විදිහට උපයන හැටි ටිරාන් ඇමැතිගෙන් අහලා වැඩකරානම් හරිනේ...

:       0       5

Kazi Shajahan Sunday, 24 December 2023 11:50 AM

අපි තාම දැක්කේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ගේ ගෙදරකට යනවා. අර මීගමුව පැත්තේ එහෙම...!

:       0       8

Rata Perata Sunday, 24 December 2023 02:20 PM

ඕක බලන්න ඔය මිනිහා කොහේවත් යන්න ඕනෑ නැහැ. කණ්ණාඩියෙන් මූණ බලාගත්තා නම් හරි... මොකද මෙයා තමයි ත්‍රස්තවාදීන්ට සල්ලි දීලා ලොකුම රට පාවා දීමේ ත්‍රස්තවාදී වැඩේ කළේ...

:       1       4

රුචිර Sunday, 24 December 2023 04:06 PM

කව්ද අර බඩ පුම්බාගෙන ඉන්න මහත්තයා. මම හිතන්නේ මේ පාතාලේ, කුඩ්ඩෝ මර්ධනය කරන වැඩපිළිවෙලේ මහ මොලකරු වෙන්න ඇති. ඉන්න හැටියට නම් එහෙමයි පේන්නේ...!

:       0       4

ප්‍රියන්ග Sunday, 24 December 2023 05:12 PM

පෝර බෑග්වල දාලා කොටින්ට සල්ලි ගිහින් දීපු කෙනා ගැනත් හොයලා බලන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site