
(නිමල කොඩිතුවක්කු)
පුත්තලම දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන සියලූම දුම්රියන් අනිද්දා (05) සිට ඉරිදා (07) දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කටුනායක ගුවන්තොටුපල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අනිද්දා රාත‍්‍රී 8.30 සිට ඉරිදා දවස පුරා මෙම තත්ත්වය බලපැවැත්වෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඉරිදා (07) සවස 8.20 ට හලාවත දක්වා ධාවනය වන අංක 3432 දරණ දුම්රිය පමණක් හලාවත බලා ධාවනය වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd