
( කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි.
මෙම ඝාතනය සැඟවීම සඳහා ඊයේ (05) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා මෙම පුතා සැලසුම් සකස් කර ඇති අතර ඒ සඳහා අසල්වැසි ඥාති කාන්තාවකගෙන් උදව් ඉල්ලිමේන් පසු එම නිවැසියන් මේ පිළිබඳව පොලීසියට දන්වා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මකුළුගස්වැව හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි සමන් ප්‍රියන්ත පනස් තුන් හැවිරිදි දෙදරූපියකි.
මෙම නිවසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පහර දුන් බව කියන පුතා ජීවත්ව සිටි බව මකුළුගස්වැව පොලිසිය කියයි. පියා ඝාතනය කළ බවට සැක කරන පුතා අත්අඩංගුවට ගත් බව මකුළුගස්වැව පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් කාලකන්නි